සතොස සභාපතිට වරෙන්තු.

Monday, 07 October 2013 - 19:57

%E0%B7%83%E0%B6%AD%E0%B7%9C%E0%B7%83+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94.



අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් සතොස සභාපති එරාන් ප්‍රනාන්දුට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තුව යලි කැඳවා තිබෙනවා. ඒ සතොස සභාපතිවරයා අධිකරණයට මෝසමක් ඉදිරිපත් කිරීම හේතුවෙන්. සතොස ප්‍රධාන කාර්යාලයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් එහි තිබූ සීසි ටීවී ආරක්ෂක කැමරාවල තිබූ රූප රාමු කොම්පඤ්ඤවීදිය පොලීසියට ලබාදෙන ලෙස මීට පෙර අධිකරණය කළ නියෝගය නොසලකා හැරීම සම්බන්ධයෙන් අද (07) දින අධිකරණයේ පෙනී සිටින ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කර තිබුණා. එහෙත් එම නොතීසියට අනුව අද (07) නඩුව කැදවන අවස්ථාවේ සභාපතිවරයා අධිකරණයේ පෙනී සිටියේ නැහැ. ඒ අනුව වරෙන්තු නිකුත් කෙරුණු අතර ඉන් පසුවයි සභාපතිවරයා අධිකරණයට පැමිණ මෝසමක් ඉදිරිපත් කර ඇත්තේ.