මාවනැල්ලේ විදුහල්පතිවරයෙකුට ගුරුවරියන්ගෙන් ප්‍රහාරයක්.

Tuesday, 08 October 2013 - 7:35

%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

මාවනැල්ල - වෑගන්තලේ මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට ඊයේ (07) පාසල් කාලය අවසානයේ ගුරුවරියන් තුන්දෙනෙකු පහරදීමක් සිදුකර තිබෙනවා. පාසල් කාලය අවසානයේ දී විදුහල්පතිවරයා විදුහලෙන් පිටත් වීමට සූදානම්වන අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි ගුරුවරියන් තුන් දෙනෙකු මෙසේ කලහකාරී ලෙස හැසිරී ඇති බවයි වාර්තා වන්නේ.

 

මාවනැල්ල - වෑගන්තලේ මහා විද්‍යාලයේ විදුහල්පති ජී.ඩබ්ලිව් ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ පාසලේ විනය කඩ වන අයුරින් දින කිහිපයක් හැසිරීම නිසා අදාළ ගුරුවරියන් තුන්දෙනාට අවවාද කිරීම කළ බවයි. ඒ හේතුවෙන් මොවුන් මෙසේ හැසිරෙන බව ද ඔහු කියා සිටියා.

 

මාවනැල්ල පොලීසිය සදහන් කළේ එම සිද්ධියත් සමග පාසලේ විදුහල්පතිවරයාගෙන් මෙන්ම  ගුරුවරියන් තුන්දෙනාගෙන් ද මාවනැල්ල පොලීසියට පැමිණිලි 2ක් ඉදිරිපත්ව ඇති බවයි. මාවනැල්ල පොලීසියෙන් සදහන් කළේ මෙම කලහකාරී තත්ත්වය  පාසලේ පවතින පරිපාලන ගැටළුවක් සම්බන්ධයෙන් උද්ගත වූ සිද්ධියක් බවයි.

 

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ දෙමළගිරියේ අනෝමදස්ස හිමියන්ගෙන් විමසීමක් කළා. උන්වහන්සේ සදහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සිදුකරන බවයි.

 

 
සිද්ධියට අදාළ ගුරුවරියන් තුන්දෙනා සම්බන්ධ කර ගැනීමට අප කිහිපවිටක්ම උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැහැ.