ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීමේ දිනය ගැන මානව හිමිකම් විමර්ශනයක.

Tuesday, 08 October 2013 - 7:37

%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A.

මින් ඉදිරියට ලෝක ළමා දිනය යෙදී ඇති ඔක්තෝම්බර් 1 වන දින 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵළ නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කරුණු විමසීමට ආයතන 30ක නිලධාරීන් කැඳවීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව තීරණය කර තිබෙනවා. එහි කොමසාරිස් නීතිඥ ප්‍රතිභා මහානාම හේවා සදහන් කළේ ඒ අනුව ලබන 10 වන දා විභාග කොමසාරිස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, ළමා රක්ෂණ අධිකාරියේ සභාපතිනිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් මානව හිමිකම් කොමිසම් සභාව වෙත කැදවා ඇති බවයි.

 

ගොඩගම සුභාරතී කණිෂ්ඨ විද්‍යාලයේ පසුගිය 30 වන දා පැවති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ මින් ඉදිරියට 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලෝක ළමා දිනය දා නිකුත් කරන බවයි.

 
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ කොමසාරිස් නීතිඥ ප්‍රතිභා මහානාම හේවා සඳහන් කළේ විශ්ව ළමා ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව ද අත්සන් තබා ඇති බවයි. ඒ අනුව මෙම තීරණයෙන් ළමයින් මානසිකව පීඩාවට පත්වන්නේ දැයි සොයා බැලිය යුතු බව ද ඔහු සඳහන් කළා.