UPDATE : වීඩියෝ : මර්වින්ගේ හිතවතාගෙනුත් මත්කුඩු ගැන ප්‍රශ්න කරයි.

Tuesday, 08 October 2013 - 10:11

UPDATE+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

කොළඹ ඞී.ආර්. විජේවර්ධන මාවතේදී ඊයේ (08) අලූයම පැහැරගැනීමට ලක්වූ පුද්ගලයින් දෙදෙනා අද කොළඹ අපරාධ කොට්ඨාශය වෙත ප්‍රකාශයක් ලබාදී තිබෙනවා. සුඛෝපභෝගී මෝටර් රථයකින් යමින් සිටියදී මොවුන් පැහැරගැනීමට ලක්වූ අතර අද උදෑසන ඔවුන් මාළඹේ ප්‍රදේශයේදී දමා ගොස් තිබුණා. පසුව ඔවුන් සිය නිවෙස් වෙත පැමිණ ඇති බවයි වැඩබලන පොලිස් මාධ්‍ය  ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ. මොවුන් පැහැරගත්තේ කවුරුන්ද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 09 බදාදා- පස්වරු07:00

--------------------------------------------------

පෙර පුවත  2013 ඔක්තෝබර් 09 බදාදා- පස්වරු1:21

පැහැර ගත් ව්‍යාපාරිකයා මරදාන පොලිසියට කැඳවයි.

කොළඹ - ඞී.ආර්. විජේවර්ධන මාවතේදී ඊයේ (08) අලූයම පැහැරගෙන ගොස් පසුව මාළඹේ හා කඩුවෙල අතර ප්‍රදේශයක අතහැර දමා ගොස් සිටි ව්‍යාපාරිකයා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද පස්වරුවේ මරදාන පොලිසිය වෙත කැඳවා තිබෙනවා. ඊයේ පෙරවරුවේ කොළඹ ඞී.ආර්.විජේවර්ධන මාවතේ තිබී මෙම ව්‍යාපාරිකයා සහ ඔහුගේ ආරක්ෂකයා ගමන්ගත් ජිප් රථය හමුවුණා. කඩවත ප්‍රදේශයේ පදිංචි කේ.ඞී. තිලකසිරි නැමති මෙම ව්‍යාපාරිකයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා අතුරුදන් බවට ඔහුගේ බිරිඳ විසින් මරදාන පොලිසියට පැමිණිලි කළේ ඉන් අනතුරුවයි. මේ අතර, ඊයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මෙම ව්‍යාපාරිකයා තම හිතවතෙකු බව මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා ද ප්‍රකාශ කළා.

  

--------------------------------------------------------------------------------

කොළඹ දී අතුරුදන් වූ ව්‍යාපාරිකයා ගෙදර එයි.

කොළඹ - ඞී.ආර්. විජේවර්ධන මාවතේදී ඊයේ (08) අලූයම පැහැරගෙන ගොස් ඇති බවට සැක කෙරුණු ව්‍යාපාරිකයා සහ ඔහුගේ ආරක්ෂකයා ඊයේ (08) රාත්‍රියේ හමුවූ බව පොලීසිය ප්‍රකාශ කළා. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ කඩුවෙල සහ මාළඹේ අතර ප්‍රදේශයේ දමා ගොස් සිටියදී ඊයේ රාත්‍රියේ ඔවුන් සොයාගත් බවයි.

 
ඞී.ආර්. විජේවර්ධන මාවතේදී ඊයේ (08) අලූයම මෙම ව්‍යාපාරිකයා පැමිණි සුඛෝපභෝගී ජීප් රථය පොලීසිය සොයා ගත් අතර කිසියම් පිරිසක් ඔහු පැහැර ගත් බවට පොලීසිය සැක කළා. කඩවත ප්‍රදේශයේ පදිංචි කේ.ඞී. තිලකසිරි නැමති මෙම ව්‍යාපාරිකයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා අතුරුදන් බවට ඔහුගේ බිරිඳ විසින් මරදාන පොලිසියට පැමිණිලි කළේ ඉන් අනතුරුවයි. ඊයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මෙම ව්‍යාපාරිකයා තම හිතවතෙකු බව මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා ද ප්‍රකාශ කළා.

 

පෙර පුවත  2013 ඔක්තෝබර් 09 බදාදා - පෙරවරු 7:35

-------------------------------------------------------------------------------

කොළඹ දී නැතිවුණේ ඇමති මර්වින්ගේ හිතවතෙක්.


කොළඹ - ඞී.ආර්. විජේවර්ධන මාවතේදී අද (08) අලූයම පැහැරගෙන ගොස් ඇති බවට සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනා අතර සිටි ව්‍යාපාරිකයා තමන්ගේ හිතවතෙකු බව මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා ප්‍රකාශ කළා. ඒ, කොළඹ අද පැවති උත්සවයකට එක්වෙමින්. ඔහු එහිදී කියා සිටියේ තමාට දැන් සම්බන්ධීකරණ ලේකම්වරුන් නොමැති බවයි. අදාළ ව්‍යාපාරිකයා ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බවට පළවන පුවත් අමාත්‍යවරයා තරයේ ප්‍රතික්ෂේප කළා.

ඞී.ආර්. විජේවර්ධන මාවතේදී අද අලූයම සුඛෝපභෝගී ජීප් රථයක් අතහැර දමා ගොස් තිබූ අතර පසුව අනාවරණය වුණේ එහි ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බවටයි.

පොලීසිය ප්‍රකාශ කළ පරිදි අතුරුදන්ව ඇත්තේ කඩවත ප්‍රදේශයේ පදිංචි කේ.ඞී. තිලකසිරි නැමති ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියෙක්. මේ සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ විසින් මරදාන පොලිසියට පැමිණිලි කර ඇති අතර මෙය පැහැරගෙන යාමක්ද යන්න සම්බන්ධයෙන් පොලිසීයට සැක මතුව තිබෙනවා. පොලිස් කණ්ඩායම් දෙකක් ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළා.

පෙර පුවත 2013 ඔක්තෝබර් 08 අඟහරුවාදා - පස්වරු 7:48

-------------------------------------------------------------

කොළඹ දමා ගිය සුඛෝපභෝගී රිය ගැන පරීක්ෂණ.


පෙර පුවත 2013 ඔක්තෝබර් 08 අඟහරුවාදා - පස්වරු 1:13

කොළඹ - ඞී.ආර්. විජේවර්ධන මාවතේ දමා ගොස් තිබූ සුඛෝපභෝගී මෝටර් රථය තුළ සිටි පුද්ගලයන් දෙදෙනා පැහැර ගැනීමකට ලක්ව ඇත්දැයි සැකයක් පවතින බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පවසනවා. අද (08) අලූයම ඞී.ආර්. විජේවර්ධන මාවතේ දමා ගොස් තිබූ සුඛෝපභෝගී මෝටර් රථය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ක්‍රියාත්මක බවයි ඔහු සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් මරදාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනවා.

 

-------------------------------------------------------------

ඞී.ආර්. විජේවර්ධන මාවතේ දමා ගිය සුඛෝපභෝගී වාහනය කාගේ ද?
පෙර පුවත 2013 ඔක්තෝබර් 08 අඟහරුවාදා- පෙරවරු 10:11

කොළඹ - ඞී.ආර්. විජේවර්ධන මාවතේ දමා ගොස් තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් පිළිබදව පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පොලීසිය විසින් එහි ඇගිලි සලකුණු ආදී තොරතුරු රැස්කරන බවයි සිද්ධිය වූ ස්ථානයට ගිය හිරු මාණ්ඩලික වාර්තාකරු සදහන් කළේ. මේ අතර, මෙම වාහනය කිසියම් පැහැර ගැනීමකට සම්බන්ධ වාහනයක් දැයි සැක මතු වී තිබෙනවා. වාහනයේ හිමිකරු පැහැරගෙන ගොස් එම වාහනය ඞී.ආර්. විජේවර්ධන මාවතේ දමා ගොස් ඇති බවට තොරතුරු වාර්තා වුණා.