ශ්‍රී ලංකාවේ පළමුවරට සාර්ථක ජනනේන්ද්‍ර බද්ධයක්.

Tuesday, 08 October 2013 - 19:10

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B1%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ශරීරයෙන් සම්පූර්ණයෙන්ම කැපී වෙන්වී ගිය ජනනේන්ද්‍රියක්  පැය 12 ක සැත්කමකින් පසු බද්ධ කිරීමට කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු පිරිසක් අද (08) සමත්වුණා. මෙම සැත්කම සඳහා වෛද්‍යවරුන් 9 ක් එක්වී සිටි බවයි ජාතික රෝහල සඳහන් කළේ. ශල්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන්ගේ මතය වී ඇත්තේ මෙම සැත්කම මෙරට සිදුකළ මෙවැනි පළමු සාර්ථකම සැත්කම බවට පත්වන බවයි. ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය, විශේෂඥ වෛද්‍ය දුලිප් පෙරේරා, උප ප්‍රධාන ශල්‍ය විශේෂඥ වෛද්‍ය ධම්මික දිසානායක යන වෛද්‍යවරුන්ගේ මෙහෙයවීම යටතේයි මෙම සැත්කම සිදුකර ඇත්තේ.

පුත්තලමේ පදිංචි 27 හැවිරිදි එක් දරු පියෙකු වන ශල්‍ය කර්මයට ලක්වූ පුද්ගලයා බිරිඳ සමග අමනාපවීමෙන් පසුව ඊයේ (07) රාත්‍රියේ තමා විසින්ම සිය ජනනේන්ද්‍රියට  බරපතල හානි සිදුකරගෙන තිබුණා. පොලිීසිය ප්‍රකාශ කළේ ඔහු පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට මාරුකර එවුණු බවයි.

සැත්කම සිදුකළ කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍ය අරුණජිත් අමරසිංහ ද හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මෙම සැත්කම සංකීර්ණ ක්‍රියාවලියකින් අනතුරුව අවසන් කිරීමට හැකි වූ බවයි.

[JPG]68901_1[/JPG]

[JPG]68901_2[/JPG]

[JPG]68901_3[/JPG]

[JPG]68901_4[/JPG]