UPDATE :වීඩියෝ : දෙමටගොඩ ඝාතනයට මුල මත්ද්‍රව්‍ය ජාවාරම.

Wednesday, 09 October 2013 - 7:33

UPDATE+%3A%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B6%A7%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8.



දෙමටගොඩ - බේස්ලයින් පාර ප්‍රදේශයේ කැළණි වැලි දුම්රිය හරස් මාර්ගය අසල ඊයේ (08) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය මත්ද්‍රව්‍යවලට සම්බන්ධ දෙපිරිසක් අතර සිදුවූවක් බවට මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. ඊයේ රාත්‍රී 11.45 ට පමණ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් 27 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර ඔහු බොරැල්ල සර්පන්ටයින් පාර ප්‍රදේශයේ පදිංචි සජිත් ප්‍රියදර්ශන කරුණාරත්න නැමැත්තෙක්. ඔහු තවත් පුද්ගලයින් තිදෙනෙකු සමග මෝටර් රථයේ ගමන් කරමින් සිටි අතර තවත් වාහනයකින් පැමිණි නාඳුනන පිරිසක් ඔවුන්ට වෙඩි තබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ. වෙඩි තැබීම සිදුවන අවස්ථාව්දී මෝටර් රථයේ සිටි අනෙකුත් පුද්ගලයින් පලාගොස් තිබෙනවා. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පැවසුවේ අදාළ මෝටර් රථයේ තිබී කඩු දෙකක් සහ පතොරම් පුරවන ලද මැගසිනයක් සොයාගත් බවයි.

 
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාශය සහ දෙමටගොඩ වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදුකරනවා. පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ මියගිය පුද්ගලයා ප්‍රධාන පෙළේ පාතාල නායකයෙකු මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවෙකු යටතේ රියදුරෙකු ලෙස සේවය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 09 බදාදා- පස්වරු 07:05

----------------------------------------------------------

පෙර පුවත2013 ඔක්තෝබර් 09 බදාදා- පස්වරු 2:12

බේස්ලයින් සිද්ධියේ කඩු දෙකක් සහ මැගසිනයක් සොයා ගැනේ.

දෙමටගොඩ - බේස්ලයින් පාර ප්‍රදේශයේ දී ඊයේ (08) රාත්‍රී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියයාමේ සිද්ධිය පිළිබඳව තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා. ඔවුන් ගමන් කළ මෝටර් රථයේ තිබී කඩු දෙකක් සහ උණ්ඩ සහිත මැගසිනයක් හමුවී ඇති අතර, ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට ද තොරතුරු හෙළි වී ඇති බව සඳහන්. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍ර‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ කියා සිටියේ වෙඩි තැබීම සිදුකළ පිරිස අතරද මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අයෙකු සිටි බවට අනාවරණ වී ඇති බවයි.

 

ඊයේ රාත්‍රියේ 11.45ට පමණ පුද්ගලයන් සිව් දෙනෙකු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී කැළණිවැලි දුම්රිය හරස් මාර්ගය අසළදී තවත් වාහනයකින් පැමිණි නාදුනන පිරිසක් ඔවුන්ට වෙඩි තබා තිබුණා. එහිදී බොරැල්ල සර්පන්ටයින් පාර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයා ජීවිතක්ෂයට පත්වූ අතර මෝටර් රථයේ සිටි අනෙක් තුන්දෙනා පලාගොස් තිබුණා.

------------------------------------------------------------------------------

බේස්ලයින් පාරේ වෙඩි තැබීමකින් එක් අයෙකු මරුට.


පෙර පුවත 2013 ඔක්තෝබර් 09 බදාදා- පෙරවරු 07:33

දෙමටගොඩ - බේස්ලයින් පාර ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් 27 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. ඊයේ (08) රාත්‍රියේ 11.45ට පමණ ඔහු සහ තවත් තුන් දෙනෙකු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී කැළණිවැලි දුම්රිය හරස් මාර්ගය අසළ සිටි නාදුනන පිරිසක් ඔවුන්ට වෙඩි තබා ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. එහිදී එක් අයෙකු මිය ගොස් ඇති අතර, මෝටර් රථයේ සිටි අනෙක් තුන්දෙනා පළා ගොස් තිබෙනවා. මිය ගිය පුද්ගලයා බොරැල්ල සර්පන්ටයින් පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුටත් අත්අඩංගුවට ගෙන නැහැ.