නීතිවිරෝධී දුම්වැටි තොගයක් හලාවතදී අල්ලයි.

Wednesday, 09 October 2013 - 10:09

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.


නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කළ දුම්වැටි තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු හලාවත - කුරුසපාඩුව - වැල්ල ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු ළඟ 200 බැගින් තිබූ දුම්වැටි අසුරන 84 ක් තිබී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර ඔහු අද හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.