පුත්තලමේ ඡන්ද පත්‍රිකා නඩුව අවසන්.

Wednesday, 09 October 2013 - 12:38

%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A.

පුත්තලම ශාන්ත ඇන්ඩෲ විද්‍යාලයේ තිබී ගණන් කරන ලද ඡන්ද පත්‍රිකා තොගයක් හමුවීමේ සිද්ධියට සම්බන්ධ නඩුව අවසන් කරන බව පුත්තලම මහේස්ත්‍රාත් රංග දිසානායක අද (09) ප්‍රකාශ කළා. රහස් පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ ඡන්දය සම්බන්ධයෙන් කිසිදු දූෂණයක් සිදුව නොමැති බවයි. ඒ අනුව, අදාළ ඡන්ද පත්‍රිකා පුත්තලම සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට භාර දෙන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

 
පුත්තලම ශාන්ත ඇන්ඩෘ මහා විද්‍යාලයේ මළු දෙකක තිබී ඡන්ද පත්‍රිකා සොයා ගනු ලැබුවේ පසුගිය 24 වැනිදායි. ඉන් පසුව ඒවා පුත්තලම අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගයකට අනුව එම ඡන්ද පත්‍රිකා යළි ගණන් කරනු ලැබුවා. එහිදී ඡන්ද පත්‍රිකා 6464 ක් එහි තිබී සොයා ගනු ලැබුවා.