UPDATE : වීඩියෝ :මධ්‍යමදී ආණ්ඩුවේ ඡන්ද 7 ක් විපක්ෂයට.

Wednesday, 09 October 2013 - 12:47

UPDATE+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8%E0%B6%AF%E0%B7%93+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+7+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7.

නව මධ්‍යම පළාත් සභාවේ මංගල සැසිවාරයේදි උප සභාපතිවරයා තෝරා ගැනීමේදී විපක්ෂයෙන් යෝජනා කළ අපේක්ෂකයාට ආණ්ඩු පක්ෂයේ ඡන්ද 7 ක් ලැබී තිබෙනවා. උප සභාපතිවරයාට ආණ්ඩු පක්ෂයෙන් යෝජනා කළේ එස්.බී. රත්නායක මන්ත්‍රීවරයාගේ නමයි. විපක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රෝහණ බණ්ඩාරනායකගේ නම යෝජනා කළා. ඔහුට ඡන්ද 24 ක් ලැබුණු අතර එස්.බී. රත්නායකට ඡන්ද 33 ක් ලැබුණා.

මධ්‍යම පළාත් සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 18 ක්. අද එක් අයෙකු පැමිණ සිටියේ නැහැ. ඒ අනුව විපක්ෂයේ උප සභාපති අපේක්ෂකයාට ආණ්ඩු පක්ෂයේද ඡන්ද 7 ක් ලැබී තිබෙනවා.

මධ්‍යම පළාත් සභාවේ නව සභාපතිවරයාටද නම් දෙකක් යෝජනා වීම නිසා ඡන්ද විමසීමක් පැවැත්වුණා. ආණ්ඩු පක්ෂයේ මහින්ද අබේකෝන්ව ආණ්ඩු පක්ෂයෙන්ම යෝජනා වූ අතර එම පක්ෂයේම එල්.ඞී. නිමලසිරිගේ නම විපක්ෂයෙන් යෝජනා කළා. මහින්ද අබේකෝන්ට ඡන්ද 29 යි. නිමලසිරි මන්ත්‍රීවරයාට ඡන්ද 27 ක් ලැබුණා.

විපක්ෂයේ නොපැමිණි මන්ත්‍රිවරයාද පැමිණියේ නම් ආණ්ඩු පක්ෂය යෝජනා කළ සභාපතිවරයා ජයගන්නේ එක් ඡන්දයකින් පමණක් බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී සංජීව කවිරත්න කියා සිටියේ අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 09 බදාදා- පස්වරු 07:10

------------------------------------------------------------------

පෙර පුවත 2013 ඔක්තෝබර් 09 බදාදා- පස්වරු 12:47

මධ්‍යම නව රැස්වීමේදී සභාපති තනතුරට ඡන්ද විමසීමක්.

මධ්‍යම පළාත් සභාවේ මංගල සභාවාරය අද (09) පළාත් සභා සංකීර්ණයේදී ආරම්භ කෙරුණා. එහිදී නව පළාත් සභාවට සභාපති, උප සභාපති, සභානායක සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක යන තනතුරු සඳහා අනුමැතිය ලබා ගැනීම සිදුකෙරෙනවා. මධ්‍යම නව පළාත් සභා වාරයේ විශේෂත්වය වන්නේ සභාපති තනතුර මන්ත්‍රීවරයෙකු තෝරා පත් කර ගැනීමේදී ඡන්ද විමසීමක් සිදුකිරීමයි. ආණ්ඩු පක්ෂයෙන් සභාපති තනතුර සඳහා මහින්ද අබේකෝන් මන්ත්‍රීවරයාගේ නම යෝජනා කළ අතර, විපක්ෂයෙන් එල්.ඞී.නිමලසිරි මන්ත්‍රීවරයාගේ නම සභාපති තනතුරට යෝජනා කළා. ඒ අනුව ඊට ඡන්ද විමසීමක් පැවති අතර මහින්ද අබේකෝන් මන්ත්‍රීවරයා වැඩි ඡන්ද 2 කින් සභාපති තනතුරට තේරී පත් වුණා. මහින්ද අබේකෝන්ට ඡන්ද 29 ක් ලැබුණු අතර විපක්ෂයෙන් චෝදනා කළ එල්.ඞී. නිමලසිරිට ලැබුණේ ඡන්ද 26 ක් පමණයි.

 

වයඹ පළාත් සභාවේ මංගල සැසිවාරය අනිද්දා පැවැත්වීමට නියමිතයි.

 
මේ අතර, උතුරු පළාත් මහඇමති සී.වී.විග්නේෂ්වරන් අද එම ධුරයේ වැඩභාර ගනු ලැබුවා. ඒ යාපනයේ කෝවිල් වීථියේ පිහිටි මහඇමති කාර්යාලයේදීයි. ඉන් අනතුරුව, මහඇමතිවරයා තමාට අයත් අමාත්‍යාංශවල නිරීක්ෂණ චාරිකාවකට ද එක්ව තිබෙනවා. මේ අතර, උතුරු පළාත් ඇමතිවරු නම් කර ඇති බවට පලවන වාර්තා සම්බන්ධයෙන් අප දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්ගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ අද රාත්‍රියේ හෝ හෙට පෙරවරුවේ මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙන බවයි. කෙසේ වෙතත්, උතුරු පළාත් අමාත්‍යවරුන් මේ මස 11 වැනිදා දිවුරුම්දීමට නියමිතයි.