වීඩියෝ :කැනඩාව හුදකලා වෙලා. විදේශ ඇමති GL

Wednesday, 09 October 2013 - 19:26

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F.+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+GL



ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගි නොවීමට ගත් තීරණය නිසා කැනඩාව හුදකලා රාජ්‍යයක් බවට පත්ව ඇතැයිි විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.  පීරිස් ප්‍රකාශ කළා. ලබන නොවැම්බර් මස කොළඹදී ආරම්භ වන සමුළුවට සහභාගි නොවන බවට කැනඩා අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර් බාලි දුපතේ පැවැත්වෙන ආසියානු - පැසිෆික් රාජ්‍ය නායක සමුළුව අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් පසුගියදා ප්‍රකාශ කළා. කැනඩාව ඒ සම්බන්ධයෙන් පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් කමලේශ් ෂර්මා වෙතද දැනුම්දී තිබෙනවා. ඇතැම් විදෙස් වාර්තාවල දැක්වුණේ කමලේශ් ෂර්මා ශ්‍රී ලංකා හිතවාදියකු බව කැනඩාව ප්‍රකාශ කරන බවයි.