UPDATE : රාජ්‍ය නිලධාරීන් 35 ක් මානව හිමිකම් කොමිසමට කැඳවයි.

Thursday, 10 October 2013 - 7:30

UPDATE+%3A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+35+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92.

ලෝක ළමා දිනය යෙදී ඇති ඔක්තෝම්බර් 1 වැනිදා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මේ වනවිට මානව හිමිකම් කොමිසම් සභාවේ පැවැත්වෙනවා. එහි කොමසාරිස්වරයෙකු වන ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මෙලෙස ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්කිරීම හේතුවෙන් ළමයින් සහ දෙමාපියන් පත්ව ඇති අපහසුතාවය සම්බන්ධයෙන් සමාජයේ ඇතිවූ පුළුල් සංවාදය, මෙම සාකච්ඡාව පැවැත්වීමේ අරමුණ බවයි. අද පෙරවරු 10.30 ට පමණ ආරම්භ වූ මෙම සාකච්ඡාවට සහභාගිවීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, විභාග කොමසාරිස්වරයා, ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා සහ ළමාරක්ෂක අධිකාරියේ නිලධාරීන් ඇතුලූ රාජ්‍ය නිලධාරින් 35 දෙනෙකුට ආරාධනා කර තිබුණා.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 10 බ්‍රහස්පතින්දා- පස්වරු 12:43
-----------------------------------------------------------

අධ්‍යාපන අමාත්‍යාංශය පොලීසිය අභිබවා යයි.


පෙර පුවත 2013 ඔක්තෝබර් 10 බ්‍රහස්පතින්දා- පෙරවරු 07:30

මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් වැඩිපුරම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රයට බව මානව හිමිකම් කොමිසම් සභාව පවසනවා. එහි කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මීට පෙර වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී තිබුණේ පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් බවයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන මානව හිමිකම් කොමිසම් සභාවේ කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා සඳහන් කළේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් වැඩි පැමිණිලි ප්‍රමාණයක් මේ වනවිට අධ්‍යාපන ක්‍ෂේත්‍රයෙන් ලැබී ඇති බවයි.