UPDATE : වීඩියෝ : ක්ලෝරීන් කාන්දුවෙන් 67 දෙනෙකු තවමත් රෝහලේ.

Thursday, 10 October 2013 - 7:32

UPDATE+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%9A%E0%B7%8A%E0%B6%BD%E0%B7%9D%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+67+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A.


අවිස්සාවේල්ල - පුවක්පිටිය - පෙන්රිත්වත්තේ ස්ථාපිත කර ඇති ජල පොම්පාගාරයේ සිලින්ඩරයක සිදුවූ කාන්දුවෙන් ක්ලෝරීන් ආඝ්‍රාණය කළ පුද්ගලයින් 67 දෙනෙකු තවදුරටත් අවිස්සාවේල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඉන් එක් අයෙකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර රෝහල්ගතව සිටින අයගෙන් දෙදෙනෙකු අදාළ පොම්පාගාරයේ සේවකයින් බව එම රෝහලේ වැඩබලන අධ්‍යක්‍ෂ වෛද්‍ය මහින්ද රන්කොත්ගේ ප්‍රකාශ කළා. ඊයේ රාත්‍රී 8.30 ට පමණ මෙම කාන්දුව සිදුව ඇති අතර පුවක්පිටිය සහ ඒ අවට ප්‍රදේශවලට මෙම ජල පවිත්‍රාගාරයේ ජලය බෙදාහරින බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සභාපති කරුණාසේන හෙට්ටිආරච්චි සඳහන් කළේ.

 

රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිසෙන් බහුතරයක් පෙන්රිත්වතු යායේ පදිංචිකරුවන්. ඒ අතුරින් 19 දෙනෙකු කුඩා ළමයින් වනවා.

 
අවිස්සාවේල්ල රෝහලේ වැඩබලන අධ්‍යක්‍ෂ වෛද්‍ය මහින්ද රන්කොත්ගේ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ දැනට ප්‍රතිකාර ලබන පිරිසටද අද පස්වරුව වනවටිට යළි නිවෙස් වෙත යමේ හැකියාව පවතින බවයි.

 

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 10 බ්‍රහස්පතින්දා- පස්වරු 12:45

-----------------------------------------------------------

ක්ලෝරීන් නළය කුඩා ළමයින් 20 කුත් ලෙඩ කරයි.

අවිස්සාවේල්ල - පෙන්රිත්වත්ත ජල පොම්පාගාරයේ ක්ලෝරින් අඩංගු නළයක් ඊයේ රාත්‍රියේ පුපුරා යාමෙන් එහි අඩංගු වූ රසායනික ද්‍රව්‍ය ශරීර ගතවීම නිසා රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයින් 66 දෙනා අතර කුඩා ළමයින් 20 දෙනෙකු ද සිටින බව රෝහල පවසනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඔවුන්ගේ තත්ත්වය මේ වනවිට යහපත් අතට පත්වෙමින් පවතින බවයි. ක්ලෝරීන් අඩංගු නළය පිපිරීමෙන් ප්‍රදේශවාසීන් 300 කට ආසන්න පිරිසක් රෝහල් ගත කළා.

පෙර පුවත 2013 ඔක්තෝබර් 10 බ්‍රහස්පතින්දා- පෙරවරු 9:02

-----------------------------------------------------------------------

ක්ලෝරීන් නළයක් පිපිරී 300 ක් රෝහලට.  2 කට බරපතලයි.

අවිස්සාවේල්ල - පෙන්රිත්වත්ත ජල පොම්පාගාරයේ ක්ලෝරින් අඩංගු නළයක් ඊයේ  (09) රාත්‍රියේ පුපුරා යාමෙන් ඒ අවට ප්‍රදේශවාසීන් 300 කට ආසන්න පිරිසක් රෝහල් ගතකළා. ඉන් පුද්ගලයින් 66 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි අවිස්සාවේල්ල රෝහල සඳහන් කළේ. ඒ අතරින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බැවින් ඔවුන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා. එම සිද්ධියට මුහුණදුන් ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සඳහන් කළේ  වමනය සහ ක්ලාන්තය පවතින බවයි.
ජලසම්පාදන මණ්ඩලයට අයත් ක්ලෝරීන් නළය පුපුරායාම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ජල සම්පාදන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රංජිත් බාලසූරියගෙන් විමසීමක් කළා. ඔහු සඳහන් කළේ පුපුරා ගිය ක්ලෝරීන් නළයට තවත් නළයක් සම්බන්ධ කිරීමට යාමේදී මෙම අනතුර සිදුවී ඇති බවයි.

පෙර පුවත 2013 ඔක්තෝබර් 10 බ්‍රහස්පතින්දා - පෙරවරු 07:32