වීඩියෝ: ඇත් පැටවෙකු කුලප්පු වීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට.

Thursday, 10 October 2013 - 7:45

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%A7%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7.


පෙරහැරක ගමන් ගත් ඇත්පැටවෙකු කුලප්පුවීමෙන් කාන්තාවක සහ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ පුස්සැල්ලාව - මොරපේ - කතරගම දේවාලයේ ඊයේ රාත්‍රී පෙරහැරේ නරඹමින් සිටි දෙදෙනෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මියගිය කාන්තාවගේ දේහය ගම්පොල රෝහලේ තැන්පත් කර ඇති අතර පිරිමි පුද්ගලයාගේ දේහය කොත්මලේ රෝහලට යවා තිබෙනවා. මියගිය පුද්ගලයන් කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත්  සඳහන් කළේ.