වීඩියෝ : ඬේවිඩ් කැමරන් සමුළුවට පැමිණීම ස්ථීර කරයි.

Thursday, 10 October 2013 - 13:26

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%AC%E0%B7%9A%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%93%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා තමන් සහභාගි වන බවට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඬේවිඩ් කැමරන් ඊයේ යළිත් වතාවක් එරට පාර්ලිමේන්තුවේදී තහවුරු කළා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඊයේ පැවති සතියේ විවාදයට සහභාගි වෙමින් එරට කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සයිමන් ඩන්සුක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනුයි තමන්ගේ ශ්‍රී ලංකා ගමන පිළිබඳව ඔහු පැහැදිළි කළේ. එහිදී සයිමන් ඩන්සුක් නැමති මන්ත්‍රිවරයා, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්ණ  කර සිටියේ තංගල්ල ප්‍රදේශයේදී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු මැර ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්වූ බවත් එවැනි වටපිටාවක් තුළ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම උචිතද යන්නයි.