ඉන්දියාව තවත් ගිවිසුමක් ඉල්ලයි.

Friday, 11 October 2013 - 8:04

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීම නිසා අත්අඩංගුවට පත් වන ඉන්දීය ධීවරයන් කඩිනමින් මුදා හැරීම සඳහා නව එකඟතාවක් ඉන්දියාව අපේක්ෂා කරන බව එරට ස්වදේශ කටයුතු ලේකම් අනිල් ගොස්වාමි නවදිල්ලි නුවරදී ඊයේ ප්‍රකාශ කළා. ස්වදේශ කටයුතු අමාත්‍ය සුෂිල් කුමාර් ෂින්ඬේ සමඟ මාධ්‍ය සංවාදයකට එක්වූ ඔහු කියා සිටියේ විශේෂයෙන් තමිල්නාඩු ධීවරයන් අත්අඩංගුවට පත්වීමේ ගැටලූවට මෙමගින් විසඳුමක් ලැබෙනු ඇති බවයි. ශ්‍රී ලංකා මුහුදු තීරයට නොදැනුවත්ව, පැමිණ අත්අඩංගුවට පත්වන ධීවරයන් කඩිනමින් මුදා ගැනීමට මෙවැනි ගිවිසුමක් අවශ්‍ය බව ඔහු අවධාරණය කළා. පාකිස්ථානය සමඟ දැනටමත් එවැනි ගිවිසුමක් පවතින බවයි ඉන්දීය ස්වදේශ කටයුතු ලේකම්වරයා කියා සිටියේ. කෙසේ නමුත්, ඉන්දීය ධීවරයන් සිතාමතාම ශ්‍රී ලංකා මුහුදු තීරය ආක්‍රමණය කර මත්ස්‍ය සම්පත කොල්ලකන බව මෙරට බලධාරින්ගේ අදහසයි.