නුදුරේදීම ශ්‍රී ලංකාව ගැන තවත් වාර්තාවක්.

Friday, 11 October 2013 - 8:06

%E0%B6%B1%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

මෙරට පැවති යුද්ධයේ අවසන් සමයේදී ජගත් සංවිධානයේ ක්‍රියාකලාපය පිළිබඳව මහලේකම් බෑන් කී මූන්ගේ කමිටුව සකස් කල වාර්තාව නුදුරේදීම ප්‍රකාශයට පත් කරන බව මහලේකම්වරයාගේ ප්‍රකාශකයා ඊයේ (10) සඳහන් කළා. ජගත් සංවිධානය තුළ ශ්‍රී ලංකාවට එරෙහිව නිරන්තරයෙන් ප්‍රශ්න නගන ඉනර්සිටි ප්‍රෙස් මාධ්‍යවේදියා නැගූ පැනයකට පිළිතුරු ලෙසයි ප්‍රකාශකයා ඒ බව සඳහන් කළේ. අදාළ වාර්තාව නිකුත් කිරීම සම්බන්ධයෙන් ගැටලූවක් පැන නැගී නොමැති බවත්, ඔහු අවධාරණය කළා.

 
අභ්‍යන්තර ඇගයීම් කමිටුවක් මගින් සකස් කළ වාර්තාව පිළිබඳව ජගත් සංවිධාන යාන්ත්‍රණය තුළ සංවාදයක් සිදුවනවා. එය හුදෙක්ම අභ්‍යන්තර වාර්තාවක් පමණයි. ශ්‍රී ලංකාවේ අත්දැකීමෙන් ජගත් සංවිධානය පෝෂණය කළ යුතු ආකාරය එහිදී සොයා බැලෙනවා. විශේෂයෙන් සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සහ කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාපිලිවෙත් එම කමිටුව මගින් සොයා බලා ඇති බව මහලේකම්වරයාගේ ප්‍රකාශක වැඩිදුරටත් සඳහන් කළා. එය දින හෝ සති කිහිපයකින් නිකුත් කළ හැකියි. එහෙත් ඒ සඳහා දීර්ඝ කාලයක් ගත නොවන බවයි මහලේකම්වරයාගේ ප්‍රකාශක අවධාරණය කළේ.