UPDATE : දයාසිරිගේ පළමු යෝජනාව පරදී. - ධර්මසිරි සභාපති ධුරයට.

Friday, 11 October 2013 - 10:52

UPDATE+%3A+%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%93.+-+%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7.

නව වයඹ පළාත් සභා මංගල සැසිවාරයේදී සභාපති තනතුර සඳහා ආණ්ඩුවෙන් යෝජනා කළ ඉන්ද්‍රාණි දසනායක මන්ත්‍රීවරිය පරාජය කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනා කළ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ධර්මසිරි දසනායක එම තනතුරට තේරී පත් වුණා. ඒ වැඩි ඡන්ද 8 කින්. ඡන්ද විමසීමේදී ඉන්ද්‍රාණි දසනායක මන්ත්‍රීවරියට ඡන්ද 22 ක් ලැබුණු අතර ධර්මසිරි දසනායක මන්ත්‍රීවරයා ඡන්ද 30 ක් ලබා ගත්තා.

වයඹ පළාත් සභා භූමියේදී මංගල සැසිවාරය අද (11) ආරම්භ කළ අවස්ථාවේදී සභාපති සහ උප සභාපති තනතුරු සඳහා මන්ත්‍රීවරුන් තෝරා ගැනීමට ඡන්ද විමසීමක් සිදුකිරීම විශේෂත්වයක්.

සභාවේ කටයුතු ආරම්භ කරමින් සභාපති තනතුර සඳහා පළාත් මහ අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් ආණ්ඩු පක්ෂයේ ඉන්ද්‍රාණි දසනායක මන්ත්‍රීවරියගේ නම යෝජනා කළා. පසුව, මෙම තනතුර සඳහා එක්සත් ජාතික පක්ෂ පළාත් මන්ත්‍රී එස්.එම්. පෙරේරා විසින් ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරයෙකු වන ධර්මසිරි දසනායකගේ නම යෝජනා කළා. සභාපති තනතුර සඳහා නම් දෙකක් යෝජනා වීමත් සමඟ රහස් ඡන්ද විමසීමක් සිදුකෙරුණු අතර එහිදී ඉන්ද්‍රාණි දසනායකට හිමි වූයේ ඡන්ද 22 ක් පමණයි. එහෙත් විපක්ෂයෙන් යෝජනා කළ ධර්මසිරි දසනායක මන්ත්‍රීවරයා ඡන්ද 30 ක් ලබා ගත්තා.
 
ධර්මසිරි දසනායක මන්ත්‍රීවරයා සභාපති තනතුරට තේරී පත්වූයේ විපක්ෂයේ ඡන්ද 16 ට අමතරව, ආණ්ඩු පක්ෂයේ ඡන්ද 14 ක් ද හිමි කර ගනිමින්.

මීට අමතරව, උප සභාපති තනතුර සඳහා ද ඡන්ද විමසීමක් පැවැත්වුණා. උප සභාපති තනතුරට ආණ්ඩු පක්ෂයෙන් යෝජනා කෙරුණු ආර්.ඞී.විමලදාස මන්ත්‍රීවරයා එම තනතුර සඳහා තේරී පත්වූයේ විපක්ෂයෙන් යෝජනා කළ සිසිර කුමාර අබේසිංහ මන්ත්‍රීවරයා පරාජයට පත් කරමින්. ආර්.ඞී.විමලදාස මන්ත්‍රීවරයාට ඡන්ද 35 ක් ලැබුණු අතර සිසිර කුමාර අබේසිංහ මන්ත්‍රීවරයාට ලැබුණේ ඡන්ද 16 ක් පමණයි.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 11 සිකුරාදා- පස්වරු 12:45

-----------------------------------------------------------------

එජාපයේ යෝජනාව වයඹදී දිනයි.

පෙර පුවත 2013 ඔක්තෝබර් 11 සිකුරාදා- පෙරවරු 10:52

 

වයඹ පළාත් සභාවේ මංගල සැසිවාරය පැවැත්වෙන මේ මොහොතේ සභාපති තනතුර සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනා කෙරුණු ආණ්ඩු පක්ෂයේ ධර්මසිරි දසනායක මන්ත්‍රීවරයා එම තනතුර සඳහා තේරී පත් වුණා. ඒ වැඩි ඡන්ද 8 කින්. සභාපති තනතුර සඳහා ආණ්ඩුවෙන් ඉන්ද්‍රාණි දසනායකගේ නම යෝජනා කෙරුණු අතර, විපක්ෂයෙන් ධර්මසිරි දසනායකගේ නම යෝජනා කෙරුණා. මේ නිසා එම තනතුර සඳහා ඡන්ද විමසීමක් පැවැත්වුණා. එහිදී පැවති රහස් ඡන්දය අවස්ථාවේදී ඉන්ද්‍රාණි දසනායකට ඡුන්ද 22 ක් සහ ධර්මසිරි දසනායකට ඡන්ද 30 ක් ලැබුණා. ඒ අනුව, වැඩි ඡන්ද 8 කින් වයඹ පළාත් සභාවේ සභාපතිවරයා ලෙස ධර්මසිරි දසනායක තේරී පත් වුණා.