වාද්දුවේදී පැහැර ගත් හෝටල් හිමියා බණ්ඩාරගමින් හමුවේ.

Friday, 11 October 2013 - 12:35

%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%9D%E0%B6%A7%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A.

වාද්දූව - ප්‍රදේශයේ ප්‍රසිද්ධ සංචාරක හෝටලයක හිමිකරුවෙකු අද (11) අලූයම කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන ගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අලූයම 5.30 ට පමණ වෑන් රථයකින් පැමිණි පිරිසක් මෙම පැහැර ගැනීම සිදුකර ඇති බවයි. මෙලෙස පැහැර ගැනීමට ලක්වූ පුද්ගලයා පසුව බණ්ඩාරගම ප්‍රදේශයේ මහමඟ දමා ගොස් සිටියදී පොලිසියට හමුවී තිබෙනවා.

 
ඔහු මේ වන විට රෝහල් ගත කර තිබෙන අතර, ඒ සම්බන්ධයෙන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. වාද්දුවේ පිහිටි මෙම සංචාරක හෝටලයේ කොටස් හිමිකරුවන් දෙපිරිසක් අතර කාලයක් තිස්සේ ආරවුලක් පවතින බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. පැහැර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වාද්දූව පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.