ලබන වසරේ සිට ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර ප්‍රතිඵල භුක්ති විඳීම සම්බන්ධයෙන් දෙමව්පියන් දැනුවත් කිරීමට වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඒ සම්බන්ධයෙන් වන යෝජනාව මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමුකර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ. මෙවර ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව දෙමව්පියන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් අපහසුතාවයට පත් වූ දරුවන් පිළිබඳ සලකා බලා මෙම යෝජනාව සිදුකරන බව අමාත්‍යවරයා සඳහන් කළේ අරලගංවිල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.