වීඩියෝ : සංක්‍රමණිකයන් 200ක් සමඟ තවත් යාත්‍රාවක් සිසිලි මුහුදේ ගිලේ.

Saturday, 12 October 2013 - 7:55

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+200%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%9A.

උතුරු අප්‍රිකාවේ සිට නීති විරෝධී සංක්‍රමණිකයින් රැගෙන ගමන් ගත් තවත් යාත්‍රාවක් ඉතාලියේ සිසිලි දිවයිනට දකුණෙන් වූ මධ්‍යධරණී මුහුදේ දී ඊයේ (11) අනතුරට ලක්වුණා. ඉතාලි සහ මෝල්ටා නෞකා මගින් මුහුදේ ගිලූණු සංක්‍රමණිකයන් මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ අතර ඒ සදහා හෙලිකොප්ටර් යානා ද යොදා ගැනුණා. මෙම යාත්‍රාවේ ගමන් ගත් සංක්‍රමණිකයන්ගෙන් 203 දෙනෙකු මුදා ගත් බවයි වාර්තා වන්නේ. අවම වශයෙන් සංක්‍රමණිකයන් 27 දෙනෙකුවත් අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම සංක්‍රමණික යාත්‍රාව අනතුරට ලක්වූයේ පසුගිය සතියේ අප්‍රිකානු සංක්‍රමණිකයන් 300ක් සමග යාත්‍රාවක් මුහුදුබත් වූ ප්‍රදේශයේදීම බව විදෙස් වාර්තා සඳහන් කළා.