ආදිවාසී නායකයාට සංස්කෘතික ඇමතිගෙන් පිළිතුරක්.

Saturday, 12 October 2013 - 7:42

%E0%B6%86%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%93+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A.

සංස්කෘතික සහ කලා කටයුතු අමාත්‍ය ටී.බී, ඒකනායක තමන්ට වාහනයක් ලබාදෙන බවට සිදුකළ ප්‍රකාශය නිසා තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලාඇත්තන් ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ වාහනය හෝ එම ප්‍රකාශය පිළිබදව මෙතෙක් කිසිඳු අවදානයක් යොමු වී නොමැති බවයි.

 

 
මේ පිළිබද සංස්කෘතික සහ කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායකගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ වාහන ලබාදෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය හරහා බවයි. කෙසේ වෙතත්, ආදිවාසී නායකයාට පෞද්ගලික වාහනයක් නඩත්තු කිරීම ගැටළුසහගත විය හැකි බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා හිටපු ආදිවාසී නායක තිසා හාමි එවැනි ඉල්ලීම් සිදුනොකළ බව ද සදහන් කළා. ආදිවාසීන්ගේ උරුමය රැක ගැනීමට නම් වාහන පහසුකම් වැනි දෑ ඔවුන්ට ලබාදීමෙන් වළකින ලෙස සංවිධාන කිහිපයකින් තමාගෙන් ඉල්ලා ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.