අධ්‍යාපන අමාත්‍යවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට සැරසේ.

Saturday, 12 October 2013 - 7:43

%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A.

රටේ විභාග ක්‍රමය පිළිබඳව අවිශ්වාසයක් ඇති වන අයුරින් ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයන්ට එරෙහිව තමා ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා. ගම්පොළ - වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයේ ඊයේ (11) පැවැති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල තමන් විකෘති කර ඇති බවට පළවූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින්. කෙතරම් ඉවසුවත් ඉන් ඵලක් නොවන නිසා මෙම පියවර ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.