වීඩියෝ: ශ්‍රී ලංකාවේ ජගත් සංවිධාන මෙහෙයුම් ගැන අභ්‍යන්තර වාර්තාව එළි දකී.

Saturday, 12 October 2013 - 7:48

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%91%E0%B7%85%E0%B7%92+%E0%B6%AF%E0%B6%9A%E0%B7%93.

2009 වසරේ මෙරට යුද්ධයේ අවසන් අදියරේ ජගත් සංවිධානයේ භූමිකාව පිළිබදව අභ්‍යන්තර වාර්තාවක් නිව්යෝක් නුවර දී ඊයේ (11) එළිදක්වා තිබෙනවා. ජගත් සංවිධාන මාධ්‍ය හමු වාර්තාකරණ කොටි හිතවාදී වෙබ් අඩවියක් වන ඉනර්සිටි ප්‍රෙස් මගින් එය මුළුමනින්ම ප්‍රකාශයට පත් කර ඇති බව සදහන්. යුද්ධයේ අවසන් සමයේදී ජගත් සංවිධානයේ මෙරට මෙහෙයුම් අපේක්ෂිත මට්ටමින් සිදුනොවූ බව ඒ පිළිබද ජෝන් පෙටි‍්‍ර වාර්තාවේ දැක්වුණා. ඒ අනුව සිවිල් යුධ තත්ත්වයන් හිදී සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සදහා ජගත් සංවිධානය ගත යුතු ක්‍රියාමාර්ග සොයා බැලීමට තවත් කමිටුවක් පත් කෙරුණා. ජගත් සංවිධාන මහලේකම් බෑන් කී මූන් විසින් පත් කළ අදාළ කමිටුවේ වාර්තාවයි ඊයේ (11) ප්‍රසිද්ධ කර ඇත්තේ. ඒ අනුව ආරක්ෂිත කලාප, ගැටුම් නතර කිරීමේ දින ආදී ජගත් සංවිධානය මෙරට ක්‍රි‍්‍රයාත්මක කළ සංකල්ප අපේක්ෂිත ආකාරයෙන් ඉටු නොවූ බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.