UPDATE : පයිලින් දිවයිනෙන් ඉවත්ව යන ලකුණු.

Saturday, 12 October 2013 - 9:58

UPDATE+%3A+%E0%B6%B4%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94.

බෙංගාල බොක්කේ පවතින පයිලින් සුළි කුණාටුව ශ්‍රී ලංකාවෙන් ක්‍රමක්‍රමයෙන් පහව යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත්, හම්බන්තොට, පොතුවිල් පුත්තලම සිට යාපනය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් අන්තර්ජාතික කාලගුණික තොරතුරු සපයන වෙදර් ඩොට් කොම් වෙබ් අඩවිය ප්‍රකාශ කළේ  හෙට (14) දිනයේ කොළඹ නගරයට වැසි ඇති වීමට සියයට 60 ක සම්භාවිතාවක් පවතින බවයි. මහනුවර නගරයට සියයට 50 ක් වැසි ඇති වීමේ සම්භාවිතාවක් පවතින අතර හම්බන්තොට නගරයට වැසි ඇතිවීමේ සම්භාවිතාව සියයට 40 ක්.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 13 ඉරිදා- පස්වරු 07:16

----------------------------------------------

පෙර පුවත 2013 ඔක්තෝබර් 13 ඉරිදා- පෙරවරු 10:41

 

පයිලින් සුළි සුළඟ ඉන්දියාව තුළට.

නැගෙනහිර ඉන්දියාවේ ඔඞීෂා ප්‍රාන්තයෙන් ඉන්දියාවට ඊයේ (12) රාත්‍රියේ ඇතුළු වූ පයිලින් සුළි සුළඟ මේ වන විට දුර්වලවෙමින් රට අභ්‍යන්තරයට ගමන් කරන බව ඉන්දීය කාලගුණවිද්‍යා අංශ ප්‍රකාශ කළා. සුළි සුළඟ නිසා ඇතිවූ අනතුරුවලින් ජීවිත හානි 7ක් වාර්තා වන අතර, තමිල්නාඩු ධීවරයන් 18 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා. ඔඞීෂා ප්‍රාන්තයේ විදුලි හා සන්නිවේදන සැපයුම් සුළි සුළඟින් පසු අඩාල වී ඇති බව සදහන්. කෙසේ නමුත් සුළි සුළඟින් ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තට බලාපොරොත්තු වූ අන්දමේ විශාල හානියක් සිදුව නැහැ. සුළි සුළඟට පෙර මෙම ප්‍රාන්ත දෙකේ නමලක්ෂයකට අධික පිරිසක් ආරක්ෂක ස්ථාන කරා ඉවත් කර ගැනුණා.

----------------------------------------------------------------

පෙර පුවත  2013 ඔක්තෝබර් 13 ඉරිදා- පෙරවරු 8:26

පයිලින් සුළි කුණාටුව නිසා ලක්ෂ 8 ක් අවතැන්.

පයිලින් සුළි කුණාටුව චණ්ඩ මාරුතයක් ලෙසින් ඉන්දියාවේ නැගෙනහිර වෙරළට ඊයේ කඩාවැදීමෙන් පසු එහි හානි රැසක් වාර්තාවනවා. කළින් ඔරිස්සා ලෙස හැඳින්වුණු ඔඞීෂා ප්‍රාන්තයේ ගෝපාල්පූර් ප්‍රදේශයටයි සුළි සුළඟින් වැඩි බලපෑමක් ඇතිවුණේ. ඊයේ රාත්‍රී 9 ට පමණ සුළි සුළඟ ඉන්දීය භූමිය ආක්‍රමණය කළ අතර යාබද ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයටද ඉන් සිදුව ඇත්තේ දැඩි බලපෑමක්. ඔඞීෂා සහ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තවල ලක්ෂ 8 කට වැඩි ජනතාව සුළිසුළඟ නිසා ආරක්ෂිත ස්ථාන කරා ඉවත්කරගෙන තිබෙනවා. සුළි සුළඟින් ඊයේ රාත්‍රී සිදුවූ හානිය පිළිබඳ වාර්තා මෙතෙක් ලැබී නැතත් ඔඞීෂා සහ ආන්ද්‍ර ප්‍රාන්තවල ප්‍රදේශ රැසකට විදුලිය සැපයුම් ඇණහිට ඇති බව සඳහන්. විශාක පට්නම් වෙත ක්‍රියාත්මක වූ දුම්රිය ගමන් 72 ක් අවලංගු කර තිබෙනවා. පැයට කිලෝමීටර් 200 ඉක්මවූ වේගයක් සහිත පයිලින් ඉන්දියාවට වසර 23 කට පසුව බලපෑ ප්‍රබලතම සුළිසුළඟයි. සුළි සුළඟින් ඇතිවිය හැකි ආපදාවලට මුහුණදීම සඳහා හෙලිකොප්ටර් යානා 18 ක් ගුවන් යානා 12 ක් සහ නෞකා දෙකක් වෙන් කිරීමට අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං නියෝග කර තිබෙනවා.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 13 ඉරිදා- පෙරවරු 8:26

----------------------------------------------------------------

පෙර පුවත 2013 ඔක්තෝබර් 12 සෙනසුරාදා- පස්වරු 07:40

පයිලින් නිසා ඉන්දියාවේ  ලක්ෂ 4 ක් ඉවත් කෙරේ.

බෙංගාල බොක්කේ පවතින පයිලින් නැමති සුළි කුණාටුව ඉන්දීය නැගෙනහිර වෙරළ තීරයට ඇතුල්වීමට නියමිත බැවින් අන්ද්‍රා ප්‍රදේශ් සහ ඔරිස්සා ප්‍රාන්තවල ලක්ෂ 4 කට ආසන්න ජනතාව එම ප්‍රදේශවලින් ඉවත්කර තිබෙනවා. ඉන්දියානු බලධාරීන් පවසන්නේ පැයට කිලෝමීටර් 220 ක වේගයකින් මෙම කුණාටුව හමා එන බවයි. 1999 වසරේ ඔරිස්සා ප්‍රාන්තය හරහා හමාගිය මෙවැනි සුළි කුණාටුවකින් පුද්ගලයින් 10 000 ක් පමණ ජීවිතක්ෂයට පත්ව දේපළ රැසකට හානි සිදුවුණා. බලධාරීන් පවසන්නේ එවැනි හානියක් සිදුවීම වළක්වාගැනීම සඳහා මේ වනවිටත් පියවර රැසක් ගෙන ඇති බවයි.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 12 සෙනසුරාදා- පස්වරු 7:40

----------------------------------------------------------------

පෙර පුවත 2013 ඔක්තෝබර් 12 සෙනසුරාදා- පස්වරු 03:02

පයිලින් ගැන ඉන්දියාවේ ප්‍රාන්ත දෙකකට රතු එළියක්.

දකුණු ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් සහ ඔඞීෂා ප්‍රාන්ත වෙත අද (12) පස්වරුවේ ළඟා වන පයිලින් චන්ඩ මාරුතය පිළිබඳ ඉන්දීය කාලගුණ බලධාරින් රතු අවදානම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. එම ප්‍රාන්තවල වෙරළාසන්න ප්‍රදේශවල දැනටමත් තද වැසි සහ සුළං හට ගෙන ඇති අතර හාර ලක්ෂයකට අධික පිරිසක් ආරක්ෂිත ප්‍රදේශ කරා ඉවත් කරගෙන තිබෙනවා. පැයට කිලෝමීටර් 220 කට වැඩි වේගයක් සහිත පයිලින් චන්ඩමාරුතය සඳහා අඩි 11 ක් තරම් උදම් රළ ද ඇතිවේයැයි අපේක්ෂා කෙරෙනවා. මීට වසර 14 කට පෙර ආන්ද්‍ර ප්‍රදේශ ප්‍රාන්තයට බලපෑ චන්ඩ මාරුතයකින් පුද්ගලයන් දස දහසක් පමණ ජීවිතක්ෂයට පත්වුණා. සුළි සුළඟ ආසන්නවීමත් සමඟ ඔඞීෂා ප්‍රාන්තයේ මුස්ලිම් සහ හින්දු බැතිමතුන් ආගමික පූජ්‍යස්ථාන වෙත ගොස් යාච්ඤා සහ කන්නලව්වන්හි නිරත වූ බව ඉන්දීය වාර්තා සඳහන් කළා.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 12 සෙනසුරාදා- පස්වරු 3:02

----------------------------------------------------------------

පයිලින් පිළි ගැනීමට ඉන්දියාව සැරසේ.

පෙර පුවත 2013 ඔක්තෝබර් 12 සෙනසුරාදා- පෙරවරු 09:58

බෙංගාල බොක්කේ හට ගත් පයිලින් සුළි කුණාටුව චණ්ඩ මාරුතයක් බවට පත්වී දැන් ඉන්දියාවට ආසන්න වෙමින් පවතිනවා. එය අද දිනය තුළ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයට ළඟා වනු ඇතැයි අපේක්ෂිතයි. සුළි සුළඟට පෙර එහි වෙරළාසන්න ප්‍රදේශවල දෙලක්ෂයට අධික පිරිසක් ඉවත් කර ගැනුණා. පැයට කිලෝමීටර් 200කට වැඩි වේගයක් සහිත පයිලින් චණ්ඩ මාරුතය ආන්ද්‍ර ප්‍රදේශ් හි විශාකපට්නම්, කාලිංගපට්නම්, ගෝපාල්පූර් සහ ඔඞීෂා හි ප්‍රදිප් නගරවලට විශේෂයෙන් බලපානු ඇති බවයි ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ. සුළි සුළඟ දකුණු ඉන්දියාවේ එක්කෝටි 20 ලක්ෂයක් ජනතාවට බලපෑම් ඇති කරනු ඇතැයි ඉන්දීය ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය ප්‍රකාශ කළා.

[JPG]69141_1[/JPG]

[JPG]69141_2[/JPG]

[JPG]69141_3[/JPG]

[JPG]69141_4[/JPG]

[JPG]69141_5[/JPG]

[JPG]69141_6[/JPG]

[JPG]69141_7[/JPG]

[JPG]69141_8[/JPG]

[JPG]69141_9[/JPG]

[JPG]69141_10[/JPG]

[JPG]69141_11[/JPG]

[JPG]69141_12[/JPG]

[JPG]69141_13[/JPG]

[JPG]69141_14[/JPG]

[JPG]69141_15[/JPG]

[JPG]69141_16[/JPG]

[JPG]69141_17[/JPG]

[JPG]69141_18[/JPG]

[JPG]69141_19[/JPG]

[JPG]69141_20[/JPG]

[JPG]69141_21[/JPG]

[JPG]69141_22[/JPG]

[JPG]69141_23[/JPG]

[JPG]69141_24[/JPG]

[JPG]69141_25[/JPG]

[JPG]69141_26[/JPG]

[JPG]69141_27[/JPG]

[JPG]69141_28[/JPG]

[JPG]69141_29[/JPG]

[JPG]69141_30[/JPG]

[JPG]69141_31[/JPG]

[JPG]69141_32[/JPG]

[JPG]69141_33[/JPG]

[JPG]69141_32[/JPG]

ඡායාරූප - ඩේලිමේල්