ශ්‍රී ලංකාවට පැමිණීම ගැන මන්මෝහන් සිං අර්බුදයක.

Saturday, 12 October 2013 - 14:28

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%9D%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%82+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන්නේ ද නොවන්නේ ද යන්න පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව ඉන්දීය ටි‍්‍රබියුන් පුවත්පත ප්‍රකාශ කළා. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් සිය ශ්‍රී ලංකා චාරිකාවේදී ප්‍රකාශ කළේ අගමැතිවරයාගේ සහභාගිත්වය සම්බන්ධයෙන් අවසන් තීරණය ඉදිරියේදී දැනුම් දෙන බවයි. පොදු රාජ්‍ය මණ්ඩල විදේශ අමාත්‍ය සමුළුවට තමා අනිවාර්යයෙන්ම සහභාගි වන බවත් කුර්ෂිඞ් එහිදී කියා සිටියා.

 

13 වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කළ යුතු බවට ඉන්දියාව ශ්‍රී ලංකාව වෙත එල්ල කරන්නේ දැඩි බලපෑමක්. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සිය ශ්‍රී ලංකා සංචාරයේදී ද ඒ බව යළි අවධාරණය කළා. එහෙත්, පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට අගමැති මන්මෝහන් සිංගේ සහභාගිත්වය වළක්වාලීමට හේතුවිය හැක්කේ තමිල්නාඩු බලපෑම බව ටි‍්‍රබියුන් පුවත්පත පෙන්වා දෙනවා. විශේෂයෙන් මැතිවරණ වසර ආසන්නයේ තමිල්නාඩුවේ දේශපාලන සහකරුවන් අත්හැරීම කොංග්‍රස් පක්ෂයට දුෂ්කර අභියෝගයක්.

 
පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහභාගි නොවිය යුතු බව තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා මෙන්ම, කොංග්‍රස් සහය පක්ෂයක් වන ඞී.එම්.කේ නායක කරුණානිධිද කිහිපවිටක්ම ප්‍රකාශ කළා. එහෙත්, එලෙස සමුළුව වර්ජනය කිරීම තුළින් ශ්‍රී ලංකාවට පමණක් නොව අනෙක් අසල්වැසියන්ට ද වැරදි පණිවුඩයක් ලබාදෙනු ඇති බවයි ටි‍්‍රබියුන් පුවත්පත සඳහන් කළේ. එමගින් ශ්‍රී ලංකාව, ඉන්දියාවේ පසමිතුරු චීනයට තවදුරටත් සමීප වීමේ අවදානමක් පවතින බව එරට දේශපාලන අංශ පෙන්වා දී තිබෙනවා.