මාස 8 කදී ෆේස් බුක් පැමිණිලි 900 ක්.

Sunday, 13 October 2013 - 12:47

%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+8+%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92+900+%E0%B6%9A%E0%B7%8A.

සමාජ ජාල වෙබ් අඩවියක් වන ෆේස්බුක් වෙබ් අඩවිය සම්බන්ධ පැමිණිලි 900 ක් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට ලැබී ඇති බව එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත පවසනවා. ඔහු කියා සිටියේ එම පැමිණිලි පසුගිය ජනවාරි මස සිට අගෝස්තු මාසය දක්වා වන කාලය තුළ ලැබී ඇති බවයි. එම පැමිණිලි අතරින් වැඩි සංඛ්‍යාවක් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සම්බන්ධයෙන් ලැබී ඇති බවයි ඔහු සදහන් කළේ. මේ සඳහා පියවරක් ලෙස ෆේස්බුක් වෙබ් අඩවිය දැනුවත් කළ හැකියි. එමෙන්ම  ෆේස්බුක් ගිණුම්වලට අනවසරයෙන් ඇතුලූවීම් සම්බන්ධයෙන්ද පැමිණිලි කිහිපයක් වාර්තාවී ඇති බවයි ඔහු කියා සිටියේ. ඒ සඳහා විසඳුමක් ලෙස ශක්තිමත් මුර පද යෙදීමට කටයුතු කළ යුතු බව ද පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත තවදුරටත් සඳහන් කළා.