කැළණිය නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරය ස්ථීර කරන්නැයි ඉල්ලීමක්.

Sunday, 13 October 2013 - 13:06

%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%86%E0%B7%83%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%93%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග  කැළණිය ආසන සංවිධායකවරයා ලෙස පත්කරන්නැයි කැළණිය ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. අමාත්‍ය මර්වින් සිල්වා කැළණිය ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමත් සමග පුරප්පාඩුව පවතින එම තනතුරට මේ දක්වා ස්ථීර සංවිධායකවරයෙකු පත්කර නැහැ.

කෙසේ වෙතත් දැනට එම තනතුරේ වැඩබලන්නේ පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංගයි. එම නිසා පළාත් මහ ඇමතිවරයාට දැනට ලබාදී ඇති වැඩබලන ආසන සංවිධායක තනතුර ස්ථීර කරන්නැයි ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළ බව එහි සභාපති ප්‍රසන්න රණවීර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

කෙසේ වෙතත් කැළණිය ආසන සංවිධායක ධුරයට යළිත් වරක් අමාත්‍ය මර්වින් සිල්වා පත් කිරීමට රජය සූදානම් වන බවට අද (13) මාධ්‍ය වාර්තා පළවී තිබුණා. මේ සම්බන්ධයෙන්ද හිරු ප්‍රවෘත්ති අංශය කැළණිය ප්‍රාදේශීය සභා සභාපතිවරයාගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එවැනි දැනුම්දීමක් තවමත් තම මන්ත්‍රීවරුන් වෙත කර නොමැති බවයි. අමාත්‍ය මර්වින් සිල්වා යළිත් එම තනතුරට පත්කළහොත් ඔහුත් සමග වැඩ කිරීමට සූදානම් නොමැති බව ද ප්‍රසන්න රණවීර සභාපතිවරයා ප්‍රකාශ කළා.