UPDATE : වීඩියෝ:වේයන්ගොඩ මවක් සිය දියණියන් දෙදෙනා සමඟ දුම්රියට පනී.

Sunday, 13 October 2013 - 14:04

UPDATE+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A%E0%B7%80%E0%B7%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B8%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B1%E0%B7%93.


මවක් සිය දියණියන් දෙදෙනාත් සමඟ දුම්රියට පැනීමේ පුවතක් අද (13) වේයන්ගොඩ - තීනවල ප්‍රදේශයෙන් වාර්තා වුණා. පොලීසිය සඳහන් කළේ වේයන්ගොඩ - හොරවඩුන්න ප්‍රදේශයේ කාන්තාවක තම දියණියන් දෙදෙනා සමඟ තීනවල දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියට පැන ඇති බවයි. සිද්ධියෙන් 31 හැවිරිදි මව සහ අවුරුදු එක හමාරක ගැහැණු දරුවා ජීවිතක්ෂයට පත්වුණා. වයස අවුරුදු 9ක් පමණ වූ වැඩිමහල් දියණිය දිවි බේරා ගැනීමට සමත්වී ඇති බවයි පොලීසිය සදහන් කළේ. සිය ස්වාමි පුරුෂයා සමඟ ඇතිවී තිබෙන පවුල් ආරවුලක් මෙම සිය දිවි හානි කර ගැනීමට හේතු වී ඇති බවයි වේයන්ගොඩ පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ. මිය ගිය කාන්තාවගේ අත්බෑගයේ තිබී ඇය විසින් අවසන් වරට ලියන ලද ලිපියක් ද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. ඇයගේ පවුලේ අභ්‍යන්තර ගැටළු පිළිබදව එහි සදහන්ව තිබූ බවයි පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 13 ඉරිදා- පෙරවරු 06:51

--------------------------------------------------------------------

දුම්රියට පැන්න මව සහ දියණිය මරුට.

පෙර පුවත 2013 ඔක්තෝබර් 13 ඉරිදා- පස්වරු 02:04

වේයන්ගොඩ - චීනවල ප්‍රදේශයේ දී මව සිය දියණියන් දෙදෙනාත් සමඟ අද (13)  දුම්රියට පැනීම හේතුවෙන් මව සහ එක් දියණියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ මෙම සිද්ධියෙන් එක් දියණියක් බේරී ඇති බවයි. බරපතල තත්ත්වයේ පසුවූ බාල දියණිය වතුපිටිවල රෝහලට රැගෙන යමින් සිටියදී මිය ගොස් සිට ඇති බව එම රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. මෙම සිද්ධියෙන් දිවි ගලවාගෙන ඇත්තේ වයස අවුරුදු 8ක් වන වැඩිමහල් දියණියයි.