UPDATE : Videos : ඉන්දියාවේ තෙරපීමෙන් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවයි.

Sunday, 13 October 2013 - 16:02

UPDATE+%3A+Videos+%3A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B7%99%E0%B6%BB%E0%B6%B4%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+100+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92.

ඉන්දියාවේ හින්දු දේවස්ථානයක සිදුවූ තෙරපුමකින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 109 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ මෙම අනතුරින් මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි. තුවාල ලැබූ පුද්ගලයින් 100කට ආසන්න සංඛ්‍යාවක් රෝහල් ගත කර තිබෙනවා. ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ සිට කිලෝමීටර් 60ක් දුරින් පිහිටි රතන්ගා නැමැති හින්දු දේවස්ථානක පැවැති උත්සවයකට පැමිණෙමින් සිටි පිරිසකුයි මෙලෙස මිය ගොස් ඇත්තේ. දහස් ගණන් පිරිස් මෙම හින්දු දේවස්ථානයට පැමිණ ඇති අතර, දේවස්ථානයට යාමට ඇති පාලම කැඞී යන බවට පැවති කට කතාවක් හේතුවෙන් ජනතාව කලබලයට පත්ව මෙම තෙරපීම සිදුව තිබෙනවා.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 14 සඳුදා- පෙරවරු 08:12 

-----------------------------------------------------------

පෙර පුවත  2013 ඔක්තෝබර් 13 ඉරිදා- පෙරවරු 07:08

තෙරපීමකින් ඉන්දියාවේ 60ක් මරුට.

 

ඉන්දියාවේ හින්දු දේවස්ථානයක  අද (13) සිදුවූ තෙරපුමකින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 60 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ මෙම අනතුරින් මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි. තුවාල ලැබූ පුද්ගලයින් 100කට ආසන්න සංඛ්‍යාවක් රෝහල් ගත කර තිබෙනවා. ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ සිට කිලෝමීටර් 60ක් දුරින් පිහිටි රතන්ගා නැමැති හින්දු දේවස්ථානක පැවැති උත්සවයකට පැමිණෙමින් සිටි පිරිසකුයි මෙලෙස මිය ගොස් ඇත්තේ. දහස් ගණන් පිරිස් මෙම හින්දු දේවස්ථානයට පැමිණ ඇති අතර, දේවස්ථානයට යාමට ඇති පාලම කැඞී යන බවට පැවති කට කතාවක් හේතුවෙන් ජනතාවට කලබලයට පත්ව මෙම තෙරපීම සිදුව තිබෙනවා.

 

----------------------------------------------

ඉන්දියාවේ දේවස්ථානයක සිදුවූ තෙරපුමකින් 50ක් මරුට.

පෙර පුවත  2013 ඔක්තෝබර් 13 ඉරිදා- පස්වරු 04:02

ඉන්දියාවේ හින්දු දේවස්ථානයක සිදුවූ තෙරපුමකින් පුද්ගලයින් 50 දෙනෙකු මිය ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ සිට කිලෝමීටර් 60ක් දුරින් පිහිටි රතන්ගා නැමැති හින්දු දේවස්ථානයට පැමිණෙමින් සිටි බැතිමතුන් පිරිසක් අද මෙලෙස මිය ගොස් ඇති බවයි. දහස් ගණන් පිරිස් මෙම හින්දු දේවස්ථානයට පැමිණ ඇති අතර, දේවස්ථානයට යාමට ඇති පාලම කැඞී යන බවට පැවති කට කතාවක් හේතුවෙන් ජනතාවට කලබලයට පත්ව මෙම තෙරපීම සිදුව තිබෙනවා.