වීඩියෝ:රතුපස්වල රථ පෙළපාලියට තහනමක්.

Sunday, 13 October 2013 - 18:45

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.


රතුපස්වල ජල ගැටළුව පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් අද (13) සූදානම් කර තිබූ රථ පෙළපාලියක් අවලංගු කිරීමට පොලීසිය පියවර ගත්තා. ගම්පහ - මිරිස්වත්ත මං සන්ධියෙන් ආරම්භවීමට නියමිතව තිබූ මෙම රථ පෙළපාලිය සංවිධාන කර තිබුණේ සියනෑ ජල සුරැකීමේ ජන නැගුම සංවිධානයයි. කෙසේ වෙතත්, අද (13) පෙවරුවේ එම ස්ථානයට පැමිණි ගම්පහ සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු පෙළපාලියේ ගමන් කිරීම සඳහා අවසර ලබා දිය නොහැකි බව දන්වා සිටියා.  එම අවස්ථාවේදී සහකාර පොලිස් අධිකාරීවරයා සහ විරෝධතාවයට සූදානම් වූ පිරිස අතර උණුසුම් සංවාදයක් ද ඇති වුණා.

කෙසේ වෙතත් සියනෑ ජල සුරැකීමේ ජන නැගුම සංවිධානයේ කැදවුම්කරු ප්‍රමිත හෙට්ටිආරච්චි පැවසුවේ අදාළ පෙළපාලිය සම්බන්ධයෙන් බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුවත් කර තිබූ බවයි.
 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුව මෙම පෙළපාලිය අවලංගු කිරීමට පොලීසියට සිදුවූ බවයි.
ඒ අනුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (13) ලබාදී ඇති මෙම නියෝගයට අනුව මේ මස 20 වන දා දක්වා වැලිවේරිය සහ මල්වතුහිරිපිටි යන පොලිස් බල ප්‍රදේශ තුළ පෙළපාලි යාම තහනම් කර තිබෙනවා.