ඩෙංගු බෝ කළ 898කට නඩු.

Monday, 14 October 2013 - 18:55

%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B6%E0%B7%9D+%E0%B6%9A%E0%B7%85+898%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94.

ඩෙංගු මදුරුවන් බෝවීමට සුදුසු ලෙස පරිසරය පවත්වාගෙන ගිය පුද්ගලයින් 6086 කට එරෙහිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නොතීසි නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එමෙන්ම, බරපතල ලෙස ඩෙංගු මදුරු තවාන් පවත්වාගෙන ගිය පුද්ගලයින් 898 කට එරෙහිව නඩු පැවරීමට ද පියවර ගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. පසුගිය 7 වැනිදා සිට ඊයේ (13) දිනය දක්වා ජාතික ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත්තා. එහිදී සිදුකරන ලද පරීක්ෂා කිරීම්වලදී මෙම පුද්ගලයින් හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සිය නිවේදනයේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ජාතික ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මක වූ දින 7 තුළ දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශ 337 ක නිවාස, ආයතන හා වෙනත් පරිශ්‍ර දෙලක්ෂ 57,958 ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එම පරීක්ෂණ අතුරින් මදුරුවන් බෝ වීමට හැකි ස්ථාන සහිත පරිශ්‍ර 46,277ක් හඳුනාගෙන ඇති බව සඳහන්.
 
කෙසේ වෙතත්, සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරන්නේ ඩෙංගු සතියක් ප්‍රකාශයට පත් කිරීමෙන් ඩෙංගු මර්දනය කිරීමේ හැකියාවක් නොමැති බවයි. එම සංගමයේ සභාපති එස්.බී. මැදිවත්ත හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඩෙංගු මර්දනය කිරීමට නම් අඛණ්ඩව පවිත්‍ර කිරීමේ කටයුතු සිදුකළ යුතු බවයි.