වීඩියෝ: විවාදයට සූදානම්. - ඇමති ලක්ෂ්මන් යාපා.

Monday, 14 October 2013 - 18:57

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F.

කැසිනෝ ව්‍යාපාරය සම්බන්ධයෙන් තමා සමඟ විවාදයට එන ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනට අභියෝගයක් කළා. කොළඹ අද (14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා සඳහන් කළේ කැසිනෝ ව්‍යාපාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස තමන් ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයාට අභියෝග කරන බවයි.
 
මෙම අභියෝගය සම්බන්ධයෙන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගෙන් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ ලබන 24, 25 යන දිනවල මෙම විවාදයට තමන් සූදානම් බවයි.