බලංගොඩ - කොන්ගහමංකඩ රිළවුන් 40 ක් හදිසියේ මිය යයි.

Tuesday, 15 October 2013 - 18:59

%E0%B6%B6%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+-+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%84%E0%B6%B8%E0%B6%82%E0%B6%9A%E0%B6%A9+%E0%B6%BB%E0%B7%92%E0%B7%85%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+40+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

උඩවලව ජාතික වනෝද්‍යානයට මායිම්ව පිහිටි බලංගොඩ - කෝන්ගහමංකඩ ප්‍රදේශයේ රිළවුන් විශාල සංඛ්‍යාවක් හදිසියේම මියයාම සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මේ වනවිට රිළවුන් හතළිහකට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බවයි ප්‍රදේශවාසීන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ බත් පාර්සල් කිහිපයකට විෂ ද්‍රව්‍යයක් දමා රිළවුන්ට ආහාරයට ගැනීමට ලබාදී ඇති බවයි.

අප මේ පිළිබඳව උඩවලව ජාතික වනෝද්‍යානයේ කපුගල අඩවිය භාර සහකාර අඩවි වන නිලධාරී එම්. පී. ගුණවර්ධනගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ කිසියම් පුද්ගලයෙකු බත් සමග මිශ්‍ර කර කුරේටර් නැමති කෘමිනාශකය ලබාදීම හේතුවෙන් මෙම රිළවුන් මියගොස් ඇති බවට සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවයි. රිළවා වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනතින් ආරක්ෂිත සත්වයෙකු ලෙස නම් කර නොමැති බවද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් රිළවුන් මියගොස් සිටින ප්‍රදේශය ආසන්නයෙන් වළවේ ගඟ ද ගලා බසිනවා. මේ නිසා මියගිය රිළවුන්ගේ මළ සිරුරු කඩිනමින් මිහිදන් කිරීමට පියවර ගත් බවයි සහකාර අඩවි වන නිලධාරී එම්.පී. ගුණවර්ධන කියා සිටියේ.

රිළවා වනසත්ව හා වෘක්ෂ ලතා ආඥා පනතින් ආරක්ෂිත සත්වයෙකු ලෙස නම්කර නොතිබීම පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය පරිසරවේදී නීතීඥ ජගත් ගුණවර්ධනගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ එම පනතින් රිළවා ආරක්ෂිත සත්වයෙකු ලෙස නම් නොකළද වස ලබාදී කිසිදු සත්වයෙකු ඝාතනය කිරීමේ හැකියාවක් නොමැති බවයි.