ජලාශයන්හි ජල මට්ටම 40 % ක් දක්වා පහළට.

Wednesday, 16 October 2013 - 12:40

%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B7%84%E0%B7%92+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B8+40+%25+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7.

දිවයින පුරා පිහිටි වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශවල ජල මට්ටම සියයට 40 දක්වා අඩුව ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා. එහි ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂිකා ජානකී මීගස්තැන්න සඳහන් කළේ මේ හේතුවෙන් ඉදිරි මහ කන්නයට ජලය සැපයීමේදී ගැටලූකාරි තත්ත්වයක් මතුවිය හැකි බවයි.

 

මේ අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමඟ කැළෑ ගිනි තැබීම් ද වාර්තා වන බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත්ලාල් කුමාර සඳහන් කළේ් මේ හේතුවෙන් රක්ෂිත ගිනිතැබීමෙන් වැළකී සිටීමට ජනතාව පියවර ගත යුතු බවයි.

 
කෙසේ වෙතත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ වනවිට දෙවන අන්තර් මෝසම සක්‍රිය වී ඇති බවයි. මේ නිසා ඉදිරි දින කිහිපය තුළ බොහෝ ප්‍රදේශවලට පස්වරු කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.ආර්.ජයසේකර සඳහන් කළා.