UPDATE : වීඩියෝ:කොළඹ සූදානම්. ශ්‍රි.ල.නි.ප.

Wednesday, 16 October 2013 - 12:47

UPDATE+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92.%E0%B6%BD.%E0%B6%B1%E0%B7%92.%E0%B6%B4.



කොළඹ දිස්ත්‍රික්කය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි දේශපාලන වැඩපිළිවෙල පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. මහවැලි කේන්ද්‍රයේ පැවති මෙම සාකච්ඡාවට කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන ආයතන නියොජිතයින් එක්ව සිටියා. සාකච්ඡාවෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දැක්වු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ මෙම සාකච්ඡාවේදී තීරණ කිහිපයක් ගත් බවයි. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය ඉදිරි දේශපාලන කටයුතු සඳහා පෙර සූදානම් කිරීමේ වැඩකටයුතු ආරම්භ කළ බවයි ඔහු කියා සිටියේ.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 17 බ්‍රහස්පතින්දා- පෙරවරු 07:47

----------------------------------------------------------------------

කොළඹ නිදහස් පක්ෂ ප්‍රධානීන්ගේ විශේෂ සාකච්ඡාවක් අද.

 

 පෙර පුවත 2013 ඔක්තෝබර් 16 බදාදා- පස්වරු 12:47

කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත්, ආසන සංවිධායකවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන ආයතන නියෝජිතයන් විශේෂ සාකච්ඡාවක් සඳහා කැඳවා තිබෙනවා. අද (16) පස්වරු 3 ට මහවැලි කේන්ද්‍රයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ. මෙහිදී පක්ෂ සංවිධාන කටයුතු සහ ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇති. කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා ලෙස අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මෙහිදී කටයුතු කරන අතර, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් රැසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගි වන බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

 

මේ අතර, වයඹ පළාත් සභා සභාපති ධර්මසිරි දසනායක සහ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එල්.සී.නිමලසිරි ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විනය මණ්ඩලය හමුවට කැඳවීමට නියමිතයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුවේ ලේකම් නීතීඥ චම්පිකා පද්මසිරි ප්‍රකාශ කළේ පසුගියදා පළාත් සභා දෙකේ සභාපතිවරුන් පත් කර ගැනීමේදී පක්ෂය ගෙන තිබූ තීරණයන්ට පටහැනිව කටයුතු කර ඇති බවට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදුකිරීමට මෙලෙස ඔවුන් විනය කමිටුව හමුවට කැඳවන බවයි. මොවුන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට පෙරේදා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය වුණා.

 

මීට අමතරව, පක්ෂයේ තීරණයට පිටුපා ක්‍රියා කළ අනෙකුත් පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් ද සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුව ඉදිරි දින කිහිපය තුළ කරුණු විමසීමට නියමිත බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.