UPDATE : ලා ඕස් ගුවන් අනතුරෙන් යානයේ ගමන් කළ සියලූදෙනා මියයයි.

Wednesday, 16 October 2013 - 20:01

UPDATE+%3A+%E0%B6%BD%E0%B7%8F+%E0%B6%95%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%96%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.


ලා ඕසයේ ඊයේ සිදුවූ ගුවන් අනතුරින් මියගිය සංඛ්‍යාව 49 ක් බව එරට බලධාරීන් තහවුරු කර තිබෙනවා. මගීන් 44 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ පස්දෙනෙකු රැගත් මෙම යානය ඊයේ මේකොන් නදියට කඩාවැටුණු අතර එහි සිටි සියලූදෙනාම මියගොස් ඇති බව තහවුරු වුණා. එහි ගමන් කළ මගීන් අතර කැනඩා, චීන, මැලේසියා, තායිවාන්, ඇමරිකා, කොරියා සහ ප්‍රංශ ජාතිකයන් කිහිපදෙනෙකුද සිට ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 17 බ්‍රහස්පතින්දා- පෙරවරු 11:12

----------------------------------------------

ලා ඕසයේ ගුවන් යානයක් කඩා වැටී 40 දෙනෙකු මරුට.

පෙර පුවත 2013 ඔක්තෝබර් 16 බදාදා- පස්වරු 08:01

දකුණු ලා ඕසයේ මේකොන් ගංඟාවට ගුවන් යානයක් කඩා වැටී අද (16) සිදුවු අනතුරකින් එහි ගමන් කළ මගීන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. අයහපත් කාලගුණය අනතුරට හේතු වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මෙම ගුවන් යානය අභ්‍යන්තර ගුවන් සේවා කටයුතුවල නිරත වන යානයක් වන අතර, එහි ගමන් කළ සියළු දෙනා මියගොස් ඇති බවටයි දැනට සැක කෙරෙන්නේ.