හන්තාන කඳුවැටිය තරණය කිරීමට ගිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසකට ඊයේ එම කඳු මුදුනේදී බඹර ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. එම අවස්ථාවේ සිසු සිසුවියන් 259 දෙනෙකු කඳු මුදුනේ රැඳී සිට ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ 36 දෙනෙකු පේරාදෙණිය රෝහලට ඇතුළත් කෙරුණා. රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඉන් 35 දෙනෙකු තවමත් නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි. සිසුවියන් පස් දෙනෙකු එම පිරිස අතර සිටිනවා.