UPDATE : විග්නේෂ්වරන් යළි ජනපති ඉදිරියේ.

Thursday, 17 October 2013 - 7:31

UPDATE+%3A++%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A.

උතුරු පළාත් සභාවේ මහ ඇමති සී.වී. විග්නේෂ්වරන්, ඔහුට හිමි අමාත්‍යාංශවල අද (17) පෙරවරුවේ දිවුරුම් දෙනු ලැබුවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම උත්සවයේදී මහ ඇමතිවරයා දිවුරුම් දෙනු ලැබුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේයි. පළාත් මුදල් හා සැළසුම්, නීතිය හා සාමය, ඉඩම් හා මාර්ග සංවර්ධන, විදුලිය නිවාස හා ඉදිකිරීම්, ජල සම්පාදන, සමූපකාර සංවර්ධන, සමාජසේවා සහ පුනරුත්ථාපන, වනිතා කටයුතු, කර්මාන්ත හා ව්‍යවසාය ප්‍රවර්ධන, සංචාරක, පළාත් පාලන සහ පළාත් සභා, පරිපාලන, ආහාර සැළසුම් සහ බෙදාහැරීම යන විෂයන් මහ ඇමතිවරයාට පැවරෙනවා.

 
උතුරු පළාත් මහ ඇමතිවරයා සිය අමාත්‍යාංශවල දිවුරුම් දීමේ අවස්ථාවට ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ල්මේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන්ද එක්ව සිටියා. උතුරු පළාත් මහ ඇමතිවරයා ලෙස සී.වී. විග්නේෂ්වරන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවේ පසුගිය 11 වැනිදායි.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 17 බ්‍රහස්පතින්දා- පස්වරු 12:48

-----------------------------------------

උතුරු පළාත් මහ ඇමති, අමාත්‍යාංශවල දිවුරුම් දෙයි.

උතුරු පළාත් සභාවේ මහ ඇමති සී.වී. විග්නේෂ්වරන්, ඔහුට හිමි අමාත්‍යාංශවල අද පෙරවරුවේ දිවුරුම් දෙනු ලැබුවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම උත්සවයේදී මහ ඇමතිවරයා දිවුරුම් දෙනු ලැබුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේයි. පළාත් මුදල් හා සැළසුම්, නීතිය හා සාමය, ඉඩම් හා මාර්ග සංවර්ධන, විදුලිය නිවාස හා ඉදිකිරීම්, ජල සම්පාදන, සමූපකාර සංවර්ධන, සමාජසේවා සහ පුනරුත්ථාපන, වනිතා කටයුතු, කර්මාන්ත හා ව්‍යවසාය ප්‍රවර්ධන, සංචාරක, පළාත් පාලන සහ පළාත් සභා, පරිපාලන, ආහාර සැළසුම් සහ බෙදාහැරීම යන විෂයන් මහ ඇමතිවරයාට පැවරෙනවා.

පෙර පුවත 2013 ඔක්තෝබර් 17 බ්‍රහස්පතින්දා- පෙරවරු 11:15


[JPG]69429_1[/JPG]

[JPG]69429_2[/JPG]

[JPG]69429_3[/JPG]

[JPG]69429_4[/JPG]

[JPG]69429_5[/JPG]

[JPG]69429_6[/JPG]

[JPG]69429_7[/JPG]

 

-----------------------------------------------------

උතුරු පළාත් මහ ඇමති, අමාත්‍යාංශවල දිවුරුම් දෙයි.

 

උතුරු පළාත් සභාවේ මහ ඇමති සී.වී. විග්නේෂ්වරන්ට හිමි අමාත්‍යාංශවල දිවුරුම් දීම මීට සුළු මොහොතකට පෙර සිදුවුණා. සී.වී. විග්නේෂ්වරන් උතුරු පළාත් මහ ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ පසුගිය 11 වැනිදා දිවුරුම් දුන් නමුත් මහ ඇමතිවරයාට අයත් අමාත්‍යාංශවල දිවුරුම් දුන්නේ නැහැ. ඒ අනුවයි අද දිනයේ එම අමාත්‍යාංශවල දිවුරුම්දීම ජනාධිපතිවරයා ඉදිරියේ සිදුකරන්නේ.

පෙර පුවත 2013 ඔක්තෝබර් 17 බ්‍රහස්පතින්දා- පෙරවරු 11:00

----------------------------------------------

උතුරු පළාත් මහ ඇමති, ඔහුට අයත් අමාත්‍යාංශවල දිවුරුම්දීමේ උත්සවය ඇරඹෙයි.

උතුරු පළාත් සභාවේ මහ ඇමති සී.වී. විග්නේෂ්වරන්ට හිමි අමාත්‍යාංශවල දිවුරුම් දීමේ කටයුතු මේ වනවිට සිදුවන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළා. සී.වී. විග්නේෂ්වරන් උතුරු පළාත් මහ ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ පසුගිය 11 වැනිදා දිවුරුම් දුන් නමුත් මහ ඇමතිවරයාට අයත් අමාත්‍යාංශවල දිවුරුම් දුන්නේ නැහැ. ඒ අනුවයි අද දිනයේ එම අමාත්‍යාංශවල දිවුරුම්දීම ජනාධිපතිවරයා ඉදිරියේ සිදුකරන්නේ.

පෙර පුවත 2013 ඔක්තෝබර් 17 බ්‍රහස්පතින්දා- පෙරවරු 10:58

----------------------------------------------------------------

විග්නේෂ්වරන් අදත් දිවුරුම් දෙයි.

පෙර පුවත 2013 ඔක්තෝබර් 17 බ්‍රහස්පතින්දා- පෙරවරු 07:31

උතුර පළාත් සභාවේ මහ ඇමති සී.වී. විග්නේෂ්වරන්, පළාතේ තමන්ට හිමි අමාත්‍යාංශවලට අදාළව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ අද (17) දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ අද පෙරවරුවේ මෙම දිවුරුම්දීම සිදුවන බවයි. උතුර පළාත් සභාවේ අනෙකුත් අමාත්‍යවරු පසුගිය 11 වැනිදා මහ ඇමතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.