වීඩියෝ:වවුනියාවේ ළමා නිවාසයේ අපයෝජන ගැන පොලීසිය නිහඩ ඇයි?

Thursday, 17 October 2013 - 7:39

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A%E0%B7%80%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%85%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%84%E0%B6%A9+%E0%B6%87%E0%B6%BA%E0%B7%92%3F

වව්නියාව - ඇටඹගස්කඩ ප්‍රදේශයේ විහාරස්ථානයක පවත්වාගෙන ගිය ළමා නිවාසයක සිටි ළමයින් විසි දෙදෙනෙකු ජාතික ළමාරක්ෂක අධිකාරිය සිය භාරයට ගත්තා. ඒ, එම ළමා නිවාසයේ දරුවන් විවිධ අපයෝජනවලට ලක්ව ඇති බවට ලද පැමිණිල්ලකට අනුවයි.

ඇටඹගස්කඩ සුදර්මාරාම විහාරස්ථානයේ මෙම ළමා නිවාසය පවත්වාගෙන යන්නේ එහි විහාරාධිපති හිමියන්ගේ අධීක්ෂණය යටතේයී. පසුගිය 09 වැනිදා ළමාරක්ෂක අධිකාරියේ 1929 දුරකතන අංකයට ලැබුණු ඇමතුමකින් කියැවුණේ එම ළමා නිවාසයේ දරුවෙකු අපයෝජනයක් හේතුවෙන් වව්නියාව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි. එය ළමාරක්ෂක අධිකාරිය විසින් සනාථ කරගෙන තිබෙනවා. පසුව වව්නියාව අධිකරණය නියෝග කර ඇත්තේ ළමා නිවාසයේ දරුවන් ළමාරක්ෂක අධිකාරිය භාරයට ගන්නා ලෙසයි.

ඒ අනුව ළමයින් අධිකාරිය භාරයට ගන්නා අවස්ථාවේ එම ප්‍රවෘත්තිය ආවරණය කිරීමට ගිය හිරු මාධ්‍යවේදීන්ට එම විහාරස්ථානයේ සිටි පිරිසක් දැඩි බාධා එල්ල කළා.
 
මෙම ළමා නිවාසයේ සිදුවන අපයෝජන සම්බන්ධයෙන් ප්‍රදේශයේ පොලිස් ස්ථාන වෙත මීට පෙර පැමිණිලි ලැබී තිබූ බවයි ළමාරක්ෂක අධිකාරිය ප්‍රකාශ කළේ. අදාළ පැමිණිලි පිළිබඳව ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවද ළමාරක්ෂක අධිකාරිය කියා සිටියා.