ඇමරිකානු අයවැය අර්බුදය අවසන්.

Thursday, 17 October 2013 - 7:59

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A.


 

ඇමරිකාවේ අයවැය අර්බුදය අවසන් කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු සෙනට් මණ්ඩලය සහ ඇමරිකානු රජය අතර එකඟතාවයක් ඇතිවී තිබෙනවා. ඒ අනුව අදාළ එකඟත්වයට ඩිමෙ‍්‍රාකටික් සහ රිපබ්ලිකන් නියෝජිතයන් සියලූදෙනා කැමැත්ත පළකර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මීට අදාළව  රජයේ ණය ශක්තිය ඉහළ දැමීම සඳහා වූ විශේෂ පනතක් සම්මත කර ගැනුනා.

 

ඉදිරි වසරේ අයවැය යෝජනා සම්මත කරගැනීමට ඇමරිකානු කොංග්‍රසය අපොහොසත්වීම නිසා එක්සත් ජනපද රජයේ මෙහෙයුම් කටයුතු රැසක් පසුගියදා ඇණහිටියා. මේ නිසා ඇමරිකානු රාජ්‍ය සේවකයන් දහස් ගණනකට වැටුප් ගෙවීමද ගැටළුවක් වුණා. එසේම ජනාධිපති ඔබාමා සිය විදෙස් සංචාරද අවලංගු කළ අතර එරට මූල්‍ය වෙළඳපොළවල බිඳවැටීමක්ද දක්නට ලැබීම විශේෂත්වයක්.