UPDATE :වැලිමඩ විදුහලක සිසුවියක් බණ්ඩාරවෙලදී දුම්රියට පනී.

Thursday, 17 October 2013 - 10:27

UPDATE+%3A%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B6%A9+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B1%E0%B7%93.


බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියට පැන පාසල් ශිෂ්‍යාවක සියදිවි හානිකරගෙන තිබෙනවා. අද (17) උදෑසන 8 ට පමණ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයට නුදුරින් දුම්රියට පැන මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවියක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. නිදුශානි ශාලිකා නැමති 18 හැවිරිදි මෙම ශිෂ්‍යාව 2015 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත බවට හඳුනාගෙන ඇත්තේ ඇය මියගොස් සිටි ස්ථානය අසල වැටී තිබූ ඇගේ පොතකින්. කෙසේ වෙතත් ඇය දුම්රියට පැනීමට හේතුව හෝ මියගිය සිසුවිය කුමන ප්‍රදේශයේ පදිංචිකාරිනියක්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

 

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 17 බ්‍රහස්පතින්දා- පෙරවරු 12:42

-------------------------------------------------------------------


බණ්ඩාරවෙලදී පාසල් ශිෂ්‍යාවක් දුම්රියට පනී.

පෙර පුවත 2013 ඔක්තෝබර් 17 බ්‍රහස්පතින්දා- පෙරවරු 10:27

බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියට පැන පාසල් ශිෂ්‍යාවක සියදිවි හානිකරගෙන තිබෙනවා. අද උදෑසන 8 ට පමණ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයට නුදුරින් දුම්රියට පැන මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවියක බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ. නදීෂා මධුෂානි නැමති මෙම ශිෂ්‍යාව 2015 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත බවට හඳුනාගෙන ඇත්තේ ඇය මියගොස් සිටි ස්ථානය අසල වැටී තිබූ ඇගේ පොතකින්. කෙසේ වෙතත් මෙම සිසුවිය කුමන ප්‍රදේශයේ පදිංචිකාරිණියක්දැයි මෙතෙක් තහවුරු කරගෙන නොමැති බව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී බණ්ඩාරවෙල පොලීසිය සඳහන් කළා.