පිරතීපන් නඩරාජා වසර 7 කට පසු චෝදනා පිළිගනී.

Thursday, 17 October 2013 - 13:05

%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B6%AD%E0%B7%93%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%A9%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8F+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+7+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.



එල්.ටී.ටී.ඊ.ය සඳහා ඇමරිකාවෙන් ගුවන් යානා නාශක අවි මිලදී ගැනීමට ආධාර කළ බවට එල්ලවන චෝදනාව කැනේඩියානු ජාතිකයෙකු වූ පිරතීපන් නඩරාජා වසර 7 කට පසුව පිළිගෙන තිබෙනවා. ශ්‍රී ලංකා හමුදාවේ කෆීර් යානා වෙත ප්‍රහාර එල්ල කිරීම මෙම අවි ගනුදෙනුවේ අරමුණ වී තිබුණා. 37 හැවිරිදි පිරතීපන් නඩරාජා කැනේඩියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහු ඇමරිකා එක්සත් ජනපදයට භාරදෙනු ලැබුවා. ඒ ඔහුට එරෙහිව ඇමරිකානු අධිකරණයක් හමුවේ නඩු පැවරී තිබීම හේතුවෙන්. එහි තීන්දුව ලබන වසරේ ජනවාරි 31 වැනිදා ලබාදීමට නියමිතයි.