වීඩියෝ: මැණික් ගඟේ ගිලී නිවුන් දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට.

Thursday, 17 October 2013 - 19:06

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%9F%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%93+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7.

සෙල්ලකතරගම ප්‍රදේශයේදී මැණික් ගඟේ දියනෑමට ගිය කුඩා දරුවන් දෙදෙනෙකු අද (17) පස්වරුවේ දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වුණා. මෙසේ මියගොස් ඇත්තේ ගාල්ල - කරන්දෙණිය - යක්කටුව ප්‍රදේශයේ පදිංචි 07 හැවිරිදි නිවුන් දරුවන් දෙදෙනෙක්. ගාල්ල - අනුරුද්ධ කණිෂ්ඨ විද්‍යාලයේ 3 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔවුන් ඥාතීන් පිරිසක් සමඟ කතරගම වන්දනාවේ පැමිණ සිටි අවස්ථාවේදී මෙම අනතුරට ලක්වුණා. මියගිය දරුවන්ගේ දේහයන් මේ වනවිට කතරගම රෝහලේ තැන්පත් කර තිබෙනවා.

මේ අතර, බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියකට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය ආසන්නයේදී අද උදෑසන පැන පාසල් ශිෂ්‍යාවක සියදිවි හානිකර ගත්තා. මෙම සියදිවි හානිකර ගැනීමට හේතුව දෙමව්පියන් අතර ඇතිවු ආරවුලක් නිසා ඇතිවු සිත්තැවුලක් බව පොලිසිය සඳහන් කළා. මෙලෙස මියගියේ වැලිමඩ ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ හදාරන ශිෂ්‍යාවක්.

 

[JPG]69474_1[/JPG]

[JPG]69474_2[/JPG]