වීඩියෝ: මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායක ධුරය අර්බුදයක.

Thursday, 17 October 2013 - 19:11

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A.

මධ්‍යම පළාත් සභාවේ 6 වැනි සැසිවාරයේ දෙවන සභා වාරය පැවති අද (17) දිනයේ පළාත් සභා විපක්ෂ නායකවරයා කවුරුන්ද යන්න ගැටලූකාරි තත්ත්වයක් මතුවුණා. ඒ විපක්ෂ නායකවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා විසින් ඉදිරිපත් කළ රංජිත් අලූවිහාරේ නමට අමතරව පළාත් සභාව නියෝජනය කරන ලකී ජයවර්ධනගේ නම ද එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රීවරුන් පිරිසක් යෝජනා කර තිබීම හේතුවෙන්. මධ්‍යම පළාත් සභාවේ දෙවන සභා වාරය අද ආරම්භ වුණේ පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව විසින් නව පළාත් සභාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පළාත් සභාවේ ධුර කිහිපයක් සඳහා පත් කිරීම් අද සිදුවුණා. ඒ අනුව, සභා නායකවරයා ලෙස ඒ.මදියුගරාජා පත් කර ගැණුනු අතර ආණ්ඩු පක්ෂ සංවිධායක ලෙස නම් කෙරුණේ අනුරාධ ජයරත්නයි.

කෙසේ වෙතත්, විපක්ෂ නායක ධුරයට නම් දෙකක් යෝජනා වී ඇති බව පළාත් සභාවේ සභාපති මහින්ද අබේකෝන් ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා විසින් නම් කළ රංජිත් අලූවිහාරේට අමතරව, ලකී ජයවර්ධනගේ නම යෝජනා කරමින් මන්ත්‍රීවරුන් 12 දෙනෙකු අත්සන් කළ ලිපියක් තමන් වෙත ලැබී ඇති බවයි සභාපතිවරයා සඳහන් කළේ. කෙසේ වෙතත්, ඔහු කියා සිටියේ පළාත් සභාවේ විපක්ෂ නායකවරයා කවුරුන් ද යන්න ප්‍රකාශ කිරීම ලබන සභා වාරය දක්වා කල් තබන බවයි. ඊට පෙර විපක්ෂ නායකවරයා කවුරුන්ද යන්න තමන්ට දැනුම් දෙන ලෙසයි ඔහු කියා සිටියේ. අද පැවති සභාවාරයෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දැක්වූ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ලකී ජයවර්ධන කියා සිටියේ තමා විපක්ෂ නායක ධුරයට පත් කරන ලෙස ඉල්ලූ ලිපිය මේ වනවිට පක්ෂ මහලේකම්වරයාට ද යොමුකර ඇති බවයි.

මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 16 ක්. කෙසේ වෙතත්, පළාත් සභා මන්ත්‍රී රංජිත් අලූවිහාරේ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායකවරයා ලෙස තමන් නම් කරනු ලැබුවේ පක්ෂය විසින් බවයි. ඒ අනුව, ඉදිරියටත් මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායකවරයා තමන් බව ඔහු කියා සිටියා.

මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකගෙන් කරුණු විමසීමට උත්සාහ කළත් එය අසාර්ථක වුණේ ඔහු සාකච්ඡාවක නිරත වී සිටීම හේතුවෙන්.