UPDATE : තංගල්ලේ සභාපති එරෙහි නඩුව මහාධිකරණයට.

Thursday, 17 October 2013 - 20:15

UPDATE+%3A+%E0%B6%AD%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7.

තංගල්ලේ හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ඝාතනය කර ඔහුගේ පෙම්වතිය දූෂණය කළ සිද්ධිය ගැන තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු 08 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ ඊයේ (17) අධි චෝදනා ගොනුකර තිබෙනවා. හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ මෙම තරුණිය සමූහ දූෂණයට ලක් කර ඇති බවට ද එම චෝදනාවල සඳහන් බවයි. 2011 වසරේදී තංගල්ල - මැඬිල්ල ප්‍රදේශයේ සංචාරක නිකේතනයක් තුළදී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන කුරාම් ෂේක් ඝාතනය කර ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය දූෂණය කර තිබුණා.

 

කුරාම් ෂේක්ගේ ඝාතනය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ද පසුගියදා සාකච්ඡා වූ අතර, එක් මන්ත්‍රීවරයෙකු අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන්ගෙන් විමසා සිටියේ එම සිද්ධියට නීතිමය ක්‍රියාමාර්ග නිසි අන්දමින් ක්‍රියාත්මක නොවී තිබියදී ඔහු ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවට සහභාගි වීම සාධාරණ ද යන්නයි.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 18 සිකුරාදා- පෙරවරු 07:55

---------------------------------------------------

තංගල්ලේදී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට 08 දෙනෙකුට නඩු.

පෙර පුවත 2013 ඔක්තෝබර් 17 බ්‍රහස්පතින්දා- පස්වරු 08:15

තංගල්ලේ හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ඝාතනය කර ඔහුගේ පෙම්වතිය දූෂණය කළ සිද්ධිය ගැන තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු 08 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ අද (17) අධි චෝදනා ගොනුකර තිබෙනවා. හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ මෙම තරුණිය රංචු ගැසී දූෂණය කර ඇති බවටද එම චෝදනාවල සඳහන් බවයි. 2011 වසරේදී තංගල්ල - මැඬිල්ල ප්‍රදේශයේ සංචාරක නිකේතනයක් තුළදී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන කුරාම් ෂේක් ඝාතනය කර ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය දූෂණය කර තිබුණා.