පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයාගෙන් මැසිවිලි.

Friday, 18 October 2013 - 7:50

%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%92.

රට තුළ ඇති පුරාවිද්‍යා ස්ථාන දෙලක්ෂ 50,000 ක් පමණ ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක ඊයේ (17) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ දෙපාර්තමේන්තුව විසින් ගවේෂණය කර වාර්තා කර ඇත්තේ ස්ථාන 20,000 ක් පමණක් බවයි. ඉතිරි ස්ථාන පිළිබඳ ගවේෂණය කිරීම සඳහා ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් තම දෙපාර්තමේන්තුවේ නොමැති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී සඳහන් කළා. මෙම ගවේෂණ කටයුතු සඳහා දෙපාර්තමේන්තුව සතුව ඇත්තේ පුරාවිද්‍යා ගවේෂකයින් 65 දෙනෙකු බවත්, ඔවුන් යොදා ගෙන මෙම ගවේෂණ කළහොත් තවත් වසර 75 ක පමණ කාලයක් ගතවනු ඇති බවයි කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ.