ජයග්‍රාහිකයින් කිසිවෙකු නැහැ. - ඔබාමා.

Friday, 18 October 2013 - 8:22

%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F.


දින 16 ක් තිස්සේ අක්‍රිය වී තිබූ ඇමෙරිකානු රාජ්‍ය පරිපාලනයේ කටයුතු ඊයේ නැවතත් ආරම්භ වූයේ අයවැය අර්බුදය විසඳීමට රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් නියෝජිතයන් අතර එකඟත්වයක් ඇතිවීමෙන් අනතුරුවයි. ඒ අනුව, ආණ්ඩුව අක්‍රිය වීම නිසා වැටුප් ගෙවීමට නොහැකිව නතර වී සිටි ඇමෙරිකානු රාජ්‍ය සේවකයන් දස දහස් ගණනක් ඊයේ නැවතත් සේවයට වාර්තා කළා. අර්බුදයට විසඳුමක් ඇති කර ගැනීමට හැකිවූයේ ඇමෙරිකාව සිය ණය ගෙවීම් පැහැර හැරීමට ආසන්නව තිබියදීයි.

 

එකඟත්වය ඇතිවීමෙන් අනතුරුව රජයේ කටයුතු නැවතත් ආරම්භ කිරීමේ නියෝගයට අත්සන් තැබීමෙන් පසු, ජනාධිපති ඔබාමා පසුගිය දින 16 තුල පැවති තත්ත්වය පිළිබඳව අදහස් පළ කළා. එහිදී ඔහු කියා සිටියේ රිපබ්ලිකන්වරුන් ආරම්භ කළ අර්බුදයේ ජයග්‍රාහකයන් කිසිවෙකු නොවන බවයි. එහෙත් යළි නැගී සිටීමට ඇමෙරිකාවට හැකියාවක් ඇති බව ඔහු සඳහන් කළා. ආණ්ඩුව අක්‍රියවීමේ සිද්ධියෙන් ඇමෙරිකානු ආර්ථිකයට දැඩි හානියක් සිදුවූ බවයි ඔහු කියා සිටියේ. ඇමෙරිකානු ජනතාව එහිදී වොෂින්ටනයේ පරිපාලනයෙන් හෙම්බත් වුණා. එමෙන්ම, අයවැය අර්බුදය හේතුවෙන් විදේශයන්හි ඇමෙරිකාවේ කීර්තිනාමයට ද හානියක් සිදුවූ බව ජනාධිපති ඔබාමා කියා සිටියා.