ඉන්දීය ධීවරයින් පොලිස් භාරයට.

Friday, 18 October 2013 - 8:25

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7.

ත්‍රිකුණාමල මුහුදු තීරයේදී ඊයේ (17) අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 32 දෙනා ත්‍රිකුණාමලය වරාය පොලිසිය වෙත භාර දී තිබෙනවා. බෝට්ටු 5 කින් පැමිණි ඉන්දීය ධීවරයින් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත්තේ මෙරට මුහුදු තීරයට අනවසරයෙන් ඇතුළුවීම හේතුවෙන්. අත්අඩංගුවට ගත් ධීවරයින් අද ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර, එම ඉන්දීය ධීවරයින්ගෙන් ත්‍රිකුණාමලය පොලිසිය විසින් වැඩිදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ.