මහනුවර ප්‍රතිඵලය විශ්වාසයි. - ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය.

Friday, 18 October 2013 - 12:56

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA.

පසුගිය පළාත් සභා මැතිවරණයේදී ප්‍රකාශයට පත් වුණු මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රතිඵලය විශ්වාස කරන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පවසනවා. එම පක්ෂයේ මහලේකම් ආනන්ද මානවඩු මේ බව සඳහන් කළේ පළාත් සභා මැතිවරණයේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් මහනුවර දිස්ත්‍රික්කය සඳහා තරඟ කළ සියලූ අපේක්ෂකයන්ගේ මනාප ඡන්ද යළි ගණන් කරන්නැයි ඉල්ලමින් එම පක්ෂයේම අපේක්ෂකයන් 9 දෙනෙකු අභියාචනාධිකරණයට ඊයේ ඉදිරිපත් කළ පෙත්සම පිළිබඳ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින්.

 

පසුගිය පළාත් සභා මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසන 2 ක් හිමිවුණා. එහිදී තේරී පත් වුණේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් ඉදිරිපත් වූ අසංක තිලකරත්න සහ සී.ඒ. ගලප්පත්ති යන අපේක්ෂකයන් දෙදෙනායි. ඊයේ ඉදිරිපත් කළ පෙත්සමෙන් තේරී පත් වූ එම අපේක්ෂකයන් දෙදෙනාගේ පත්වීම ද අවලංගු කොට නැවත මනාප ගණන් කිරීමක් සිදුකරන ලෙස ඉල්ලා තිබුණා.

 
හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් ද විමසීමක් කළා. එහිදී නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඞ් සඳහන් කළේ මේ වනතුරු මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසින් මැතිවරණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති බවයි.