වැල්ලවායේදී යුවලක් විෂ එන්නත් කරගෙන දිවි නසා ගනී.

Friday, 18 October 2013 - 18:34

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%82+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%83%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.

වැල්ලවාය - රන්දෙණිය ප්‍රදේශයේ කැළෑවක තිබී මිය ගිය යුවළකගේ සිරුරු පොලීසිය අද (18) සොයා ගත්තා. අද (18) පෙරවරුවේ වැල්ලවාය පොලීසියට ලද තොරතුරක් මතයි ඒවා සොයාගෙන ඇත්තේ. මොවුන් මීට දින 5කට පමණ පෙර යම් විෂක් එන්නත් ශරීරගත කර ගෙන දිවි නසාගෙන ඇති බවට පොලීසිය සැක පළ කරනවා. මිය ගොස් ඇති කාන්තාව කඩවත ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි දෙදරු මවක්. පිරිමි පුද්ගලයා බදුල්ල - හාලිඇල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි දෙදරු පියෙකු බවයි පොලීසිය ප්‍රකාශ කළේ. දෙදෙනා අතර කලක සිට පැවැති ප්‍රේම සම්බන්ධතාවක් මෙම දිවි නසා ගැනීමට හේතුවී ඇති බවට පොලීසිය විශ්වාස කරනවා.